මානසික අවපිඩනය නැත්නම් depression කියන්නේ අපි හැමෝම දන්නා අපි අතර බොහෝ දෙනාට නිශ්ශබ්දව පවතින රෝගී තත්වයක් .බොහෝ විට අපට මෙය රෝගයක් ලෙස හදුනා ගැනීම තරමක් අපහසු දෙයක් වෙලා තියෙනවා.


තරමක් දරුණු මෙම රෝගී තත්ත්වය නිසා හැමවිටම අප තුල සෘණාත්මක ආකල්ප වර්දනය වීම සිදු වෙනවා . ඒ කියන්නේ අපි හිතන විදිය, දැනෙන විදිය, හැසිරෙන විදිය වගේ හැම දෙයකදීම මේ දේ සිදු වෙනවා .මේ තත්ත්වය ඇති උනාම බොහෝ වෙලාවට කලින් සතුටු වුන අවස්ථා මතක් වෙමින් අධික දුකක් ඇති වීම සුලබව සිදු වෙනවා.

image © from Recognizing Depression

බලාපොරොත්තු කඩ වුන බවක් ඇති වීම ,තමා අසරණ බව හැගීම ,ආහාර රුචිය හෝ දේහ බර වෙනස් වීම ,නිදන රටා වෙනස් වීම වැනි ලක්ෂණ ඇති වීම depression සදහා සැලකිය යුතු තත්ත්වයකි .ඒ විතරක් නොවේ,තමාට තමා ගැන කලකිරීම ,නිතර කේන්ති ගැනීම ,බෙලහීන තත්ත්වයකට පත් වීම ,අසමානය ලෙස හැසීරීම මෙවන් රෝගී තත්ත්වයකින් පෙලෙන කෙනෙක්ගේ දැකිය හැකි සුලබ ලක්ෂණ වේ.

Depression වලට ගොදුරු වුන කෙනෙක්ට එක්වරම ඉන් මිදීම තරමක් අපහසු දෙයක් .කාලයක් පුරාවට ප්‍රතිකාර කිරීම මගින් රෝගියාව අවදියෙන් අවදියට සුව කරන්න පුළුවන් .

image © from psychiatristinbhopal