සුදුළූණු (Allium sativum – ඇලියම් සැටිවම්) යනු සුවඳවත්  මෙන්ම සෞඛ්‍යය ප්‍රතිලාභ බොහොමයකින් සපිරි රසකාරක පැළෑටියකි. එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එහි අඩංගු ප්‍රබල ඇලිසින් ය. සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව සටන් කිරීම, රුධිර පීඩනය අඩු කිරීම, හෘද රෝගවලට එරෙහිව සටන් කිරීම සහ ස්නායු විකෘතිතා අවම කිරීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ ඒ අතර වේ.

සුදුළූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි නම්,

  • අධි රුධිර පීඩනය අඩු කරයි-  සුදුළූණු යනු අධි රුධිර පීඩනය අඩු කිරීම සඳහා බොහෝ විට භාවිතා කරන ද්‍රව්‍යයකි. මන්දයත්, අධික පීඩනයකට නිරාවරණය වන විට ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් නමින් හැඳින්වෙන ද්‍රව්‍යයක් රුධිර නාල ලිහිල් කර ඒවා දෙගුණ කරයි. මෙම තත්වය අවම කර අධි රුධිර පීඩනය අඩු කිරීමට සුදුළූණු උපකාරී වේ. තවද, එය පට්ටිකා එකතු කිරීම අඩු කිරීමෙන් ලේ කැටිගැසීමට (thrombosis) එරෙහිවද සටන් කරයි.
  • කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි – සුදුළූණු, ඇලිසින් සංයෝගයෙන් පොහොසත් වන බැවින් LDL (අහිතකර) කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම වළක්වයි.
  • හෘද සෞඛ්‍යය නංවයි –  බොහෝ සමාලෝචිත පර්යේෂණ මගින් පෙන්වාදී ඇත්තේ සුදුළූණු ආහාරයට ගැනීම සහ හෘද ආරක්ෂණය අතර සහසම්බන්ධයක් පවතින බවයි. තවද, සුදුළූණු නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය. එනම්, මාත්‍රාව, කාලසීමාව සහ සාමාන්‍ය බෙහෙත් සමඟ එහි අන්තර්ක්‍රියාකාරිත්වයයි.
  • තුවාල සුව කරයි  –  ආසාදිත තුවාලයකට වුවද සුදුළූණු බෙහෙතක් ලෙස භාවිතා කල හැක. ක්ෂණික සහනයක් ලබා ගැනීම සඳහා අඹරාගත් අමු සුදුළූණු මද 2 ක් ආසාදිත ප්‍රදේශය මත තබන්න.
  • අස්ථි සෞඛ්‍යය සඳහා උපකාරී වේ  – අස්ථි සන්ධි ප්‍රදාහය සඳහා ඇති අවදානම අවම කෙරෙන අතර අස්ථි බිඳීම ද අවම කර සමස්ත අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කරයි.
  • ජීර්ණය වැඩි කරයි  –  අමු සුදුළූනු මද දිනපතා ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීම තුලින් ආහාර දිරවීමේ ගැටළු වලට උපකාරී වේ. මෙම ඔසු භාවිතයෙන් ආමාශ දැවිල්ල සහ ආමාශ නාලයේ ඇතිවිය හැකි අහිතකර උද්දීපනය පවා අඩු කර ගත හැක. අතීසාරය, පාචනය සහ කොලිටස් (මහබඩවැල ඉදිමීම)වැනි බඩවැල් ආශ්රිත ගැටළු අවම කිරීමට සුදුළූණු උපකාරී වේ. පණුවන් පලවා හැරීමේදී එහි කාර්යභාරය ද අතිවිශිෂ්ටයි. එය බඩවැලේ ඇති හිතකර බැක්ටීරියා වලට බලපාන්නේ නැත. නමුත්, හානිකර ඒවා විනාශ කරයි. එය ආහාර දිරවීම වැඩි කරනවා පමණක් නොව ආමාශ වායුව සමනය කිරීමටද උපකාරී වේ.
  • රුධිරයේ සීනි පාලනය කරයි –  අමු සුදුළූනු මද ආහාරයට ගැනීම මගින් රුධිරයේ සීනි මට්ටම සැලකිය යුතු ලෙස අඩු කරයි. මේ අනුව, එය දියවැඩියාවෙන් පෙළෙන අයට හෝ දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානමක් ඇති අයට මහත් ප්‍රයෝජනයක් වේ.
  • අක්ෂි සත්කාර- එය සෙලේනියම්, ක්වෙර්සෙටින් සහ විටමින් සී වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වන අතර මේ සියල්ලම අක්ෂි සෞඛ්‍යයට දායක වන අතර අක්ෂි ආසාදන හා දැවිල්ල ඇතිවීම වැලක්වීමට උපකාරී වේ.
  • කුරුලෑ වළක්වයි – සුදුළූණු ,මී පැණි, ආලේපන (ක්‍රීම්) සහ කහ වැනි අමුද්‍රව්‍ය සංයෝගයෙන් කුරුලෑ කැළැල් සඳහා නිවෙස් දී පිළියමක් ලෙස භාවිතා කළ හැකි අතර කුරුලෑ ඇතිවීම ද වළක්වා ගත හැකිය. මීට අමතරව, සෛල සංස්ලේෂණයට, පාරජම්බුල කිරණවලින් ආරක්ෂා වීමට සහ වයසට යාම ප්‍රමාද කිරීමට ද එය උපකාරී වේ.

සැලකිලිමත් විය යුතු : මෙය වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ අහිතකර උද්දීපනයක් ඇති විය හැකිය. තවත් මතක තබා ගත යුතු කරුණක් නම්, එහි තද සුවඳ සහ අමිහිරි රසය ආශ්වාස ප්‍රශ්වාසය කිරීමේදී දුර්ගන්දයක් ඇති කිරීමයි. එබැවින්, සුදුළූණු අධික ලෙස පරිභෝජනය නොකිරීමට ද වග බලා ගන්න.

Read more