ඔබ උදයෙන්ම අවදි වන කාන්තාවක් නම් නව වාර්තාවකට අනුව ඔබට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අඩුයි.

කෙසේ නමුත් එම වාර්තාව පෙන්වා දෙන්නේ රාත්‍රියේ නිදි මරන හා පමනට වඩා නිදාගන්නා අයට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම තරමකින් වැඩි විය හැකි බවයි.

මහා බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන Caroline Relton මෙම අධ්‍යයනයේ මූලිකත්වය ගත් පුද්ගලයෙක්. ඇය

පැවසුවේ අනිවාර්යයෙන්ම නින්දෙන් සෞඛ්‍යයට බලපෑමක් ඇති කරන බවයි. තවදුරටත් ඇය පැවසූයේ ඔවුන්ගේ අධ්‍යයනයෙන් සොයාගත් සාක්ශි අනුව වේලාසනින් උදයේ අවදි වීම පියයුරු පිළිකා අවධානම මත සැළකිය යුතු බලපෑමක් ඇතිකරන බවයි.

එනමුත් ඔවුන්ගේ අධ්‍යයනයෙන් ඔවුන්ට සොයාගන්නට බැරිවූ දෙයක් නම් උදෙන්ම අවදිවීම හෝ නිදිමැරීම මගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවධානමට බලපෑමක් ඇතිකරන සැබෑ හේතුවයි.

දෛනික ශාරීරික රිද්මය කඩාකප්පල් වීමෙන් ශරීරය ක්‍රියාත්මක වන ආකාරයට බලපෑමක් ඇති විය හැකි බව පවසන්නේ Eva Schernhammer ය. ඇය ඔස්ට්‍රියාවේ Vienna වෛද්‍ය විද්‍යාලයේ වසංගතවේදය සම්බන්ධ අංශයේ සභාපතිනියයි. ඇය දෛනික ශාරීරික රිද්මය වෙනස් වීමට උදාහරණයක් ලෙස දැක්වූයේ ශරීරයේ ස්වභාවිකවම නිපදවන හෝර්මෝනයක් වන මෙලටොනින් විචලනය වීමයි.

වෛද්‍ය Daniel Barone, New York නගරයේ නින්ද සම්බන්ධ විශේෂඥවරයෙකි. ඔහු සහ Eva Schernhammer පැවසූයේ රාත්‍රී වැඩ මුරයන්හි වැඩි වැඩියෙන් නිරත වන විට හදවත් රෝග ඇතිවීමේ අවධානමත් වැඩිවන බවයි. ඔහු තවදුරටත් පැවසූයේ ආහාර රටාවන්ද මෙයට බලපාන බවයි. වැරදි ආහාර රටා හදවත් රෝග පමණක් නොව පියයුරු පිළිකා ඇති වීම සඳහා බලපාන බව ඔහු පෙන්වා දෙනවා.

නව අධ්‍යයනය සඳහා කාන්තාවන් 400,000 කින් පමණ සමන්විත විශාල කණ්ඩායම් දෙකක් භාවිතා කරා.

කෙසේ නමුත් පියයුරු පිළිකා ශල්‍ය වෛද්‍ය Alice Police පැවසූයේ රාත්‍රියේ නිදිමැරීම සිදුකරන පුද්ගලයන් පියයුරු පිළිකා ඇතිවීම පිළිබඳ දැනට බියවිය යුතු නැති බවයි. ඇය පැවසූයේ අධ්‍යයනයට අනුව උදෙන්ම අවදි වන පුද්ගලයන් පියයුරු පිළිකාවට මුහුණ දීමේ අවධානම අඩුබවයි. නමුත් පරීක්ෂණ වාර්තාවේ දත්‍ත තරමක් පැහැදිලි නොමැති බවත් ඇය පැවසුවා.

(WebMD ඇසුරිනි)

ඔෂිත නාරංගොඩ