වකුගඩු ගල් යනු ලුණු හා ඛනිජවලින් සැදි මුත්‍රා වල ඇති කුඩා ගල් කැට වේ. ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ දැඩි වේදනාවයි. බොහෝ ගල් තනිවම ගමන් කර ශරීරයෙන් ඉවත් වන  අතර සමහර වකුගඩු ගල් ඉවත් කිරීම සඳහා වෛද්‍ය ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. 

වකුගඩු ගල් කුඩා වන අතර, සාමාන්‍යයෙන් ඉරිඟු මදයක් හා ලුණු කැටයක් අතර ප්‍රමාණයක් ගනී. ඔබේ සිරුරේ ඇතැම් ඛනිජ ලවණ අවශ්‍ය ප්‍රමාණයට වඩා පවතින අවස්ථාවකදී ඒ සමඟම සිරුරට ප්‍රමාණවත් තරම් දියර නොපවතින විටකදී මෙවන් ගල් සෑදීමේ ප්‍රවණතාවය ඉහල යයි.

මෙම ගල් කැට දුඹුරු හෝ කහ සහ සිනිඳු හෝ රළු විය හැකිය.

ස්ත්‍රීන්ට හා පුරුෂයින් යන දෙපාර්ශවයටම වකුගඩු ගල් සෑදිය හැකි නමුත් , ස්ත්‍රීන්ට වඩා පුරුෂයින්ට මෙම ගල් සෑදීමේ ප්‍රවණතාවය දෙගුණ වේ.


හේතු:

ඔබට වකුගඩු ගල් සෑදීමට හේතුව සොයා ගැනීම බොහෝ විට දුෂ්කර නමුත් ඔබේ මුත්‍රා වල ඇතැම් ඛනිජ ලවණ ඉහළ මට්ටමක පවතින විට ඒවා නිර්මාණය වේ.     මේවාට ඇතුළත් වන්නේ: –

  • කැල්සියම් – Calcium
  • ඔක්සලේට් – Oxalate
  • යූරික් අම්ලය – Uric Acid

කුඩු මිශ්‍රණයකින් ඔබේ ප්‍රියතම පානය සාදන්නේයැයි සිතන්න. ඔබ ප්‍රමාණවත් තරම් දියර එකතු නොකළහොත් එම පානයට කුමක් වේවිද? කුඩු කැටි වී වියළි කුට්ටි බවට පත්වේ. ඒ හා සමානව, ඛනිජ සාන්ද්‍රණය අඩු කිරීමට ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් මුත්රා නොමැති නම් ගල් සෑදිය හැකිය. .

වකුගඩු ගල් සෑදීමට වැඩි ඉඩක් ඇති වෙනත් දේවලට ඇතුළත් වන්නේ:

  • පාචනය – Diarrhea
  • තරබාරුකම – Obesity

රෝග ලක්ෂණ

  • පැත්තෙන්, පිටුපසින් හෝ  ඉළ ඇටයට පහළින් ඇතිවන දැඩි වේදනාව
  • ඉඟටිය සහ පහළ උදරයේ වේදනාව
  • මුත්‍රා කිරීමේදී ඇතිවන වේදනාව
  • සාමාන්‍යයෙන් මුත්‍රා කරනවාට වඩා මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
  • දුර්ගන්දයක් සහිතව මුත්‍රා පිටවීම
  • මුත්‍රා රෝස, රතු හෝ දුඹුරු පැහැයක් ගැනීම
  • ආසාදනයක් ඇත්නම් උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම


වකුගඩු ගල් ප්‍රතිකාර

වකුගඩු ගල් සාමාන්‍යයෙන් දිගු කාලීන ගැටළු ඇති නොකර මුත්‍රා සමග තනිවම ගමන් කර පහව යයි. එසේ නොමැති වුවහොත් හෝ ඔබට දැඩි වේදනාවක් දැනෙන්නේ නම්, ඔබේ වෛද්‍යවරයාට එය කැඩීමට හෝ ඉවත් කිරීමට හැකිය.

වකුගඩු ගල්  වැළැක්වීම

නිවැරදි ආහාර ගැනීම, නිසි පරිදි  ජලය පානය කිරීම සහ නිසි ඔසු ලබා ගැනීමෙන් ඔබට වකුගඩු ගල් ඇතිවීමේ අවදානම අඩු කර ගත හැකිය.

Reference  – https://www.webmd.com/kidney-stones/understanding-kidney-stones-basics#1