ලෝකයේ රටවල් සීයකට වඩා වැඩි ප්‍රමාණයක පැතිරී පවතින ඩෙංගු රෝගය, ඩෙංගු වෛරසය මගින් මිනිසාට බෝ වීම සිදු වේ . මෙම රෝගය අද වන විට සමාජයේ තරමක් දරුණු අන්දමින් පැතිරි ඇති රෝගයක් බවට පත් වී තිබෙනවා.ඊට ප්‍රධාන හේතුව වන්නේ මේ වන විටත් ඩෙංගු රෝගය මුළුමනින්ම සුව කිරීමට අවශ්‍ය ප්රතිකාර නොමැති වීමයි.

ඩෙංගු රෝගය වැලදී ඇති බවට දන ගැනීමට සාමාන්යෙන් දින දෙකත්  හතත් අතර කාලයක් ගත වෙනවා.මේ කාලය තුල බොහෝ විට රෝග ලක්ෂණ එතරම් දරුණු ලෙසට පෙන්නුම් නොකිරීම නිසා බොහෝ දෙනා මෙය සාමාන්‍ය තත්වයක් ලෙස සලකනවා.එහෙත් දින හතක් වනතුරුත් උන පවතී නම් නොපමාවම වෛද්‍ය උපදෙස් ගත යුතුයි .

  medicalnewstoday.com

සාමාන්‍යයෙන් දින දහයක් පමණ වන විට අදාල රෝග ලක්ෂණ මතු වීම සිදු වෙනවා.බොහෝ විට සංදී සහ මස් පිඩු අසල ඇති වෙන වේදනා ,වමනය , ඔක්කාරය ,ශරීරය දුර්වල වීම ,සම මත ඇති වන ලප ,අදික හිසරදය වැනි රෝග ලක්ෂණ සුලබ ලෙස දැකගන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරු බොහෝ විට රුධිර වාර්තාවක් පරික්ෂා කිරීම මගින් අදාළ නිගමන අවලට එලබෙනවා .

ඩෙංගු රෝගය සම්පුර්ණයෙන් සුව කිරිමට තවමත් ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නෑ .මෙහිදී බොහෝ විට සිදු වන්නේ උන,හිසරදය,සංදී වල වේදනාව අඩු කර ගැනීමට වේදනානාශක භාවිතා කිරීමයි.හැකිතරම් විවේකිව කාලය ගත කිරීම සහ හැකිතරම් දියර වර්ග පානය කිරීම වෛද්‍යවරුන්ගේ උපදෙසයි .මෙම ප්‍රතිකාර වලට රෝගයේ වෙනසක් නොවේ නම්  හැකි ඉක්මනින් රෝහල් ගත විය යුතුයි.

ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර නොමැති බැවින් මෙම රෝගයෙන් මිදීමට ඇති හොදම            ක්‍රමය වන්නේ මදුරුවන්ගෙන් පරිස්සම් වීමයි .

image © from hirunews.lk

මේ සදහා මදුරුවන් බෝවන තැන් විනාශ කර අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වග බල ගත යුතුයි .