වායුගෝලයේ පවතින සංඝටක වල සිදුවන  වෙනස්වීම් නිසා ඇති වන තත්වයක් ලෙස වායු දුෂණය සරලව හදුන්වන්න පුළුවන් .ඒ කියන්නේ සමහර සංඝටක පැවතිය යුතු තත්වයට වඩා වැඩි ප්‍රමාණයකින් පැවතීමත් ,තවත් සමහර සංඝටක පැවතිය යුතු තත්වයට වඩා අඩුවෙන් පැවතීමත් ,සමහරක් සංඝටක අලුතෙන් වායුගෝලයට එකතු වීමත් නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්.වායුගෝලයේ පවතින මේ සංඝටක මිශ්‍ර වීම නිසාත් වායු දූෂණය සිදු වෙනවා.

පොදුවේ මේ සියල්ලම වායු දුශකයන් කියල හදුන්වනවා .මේ මගින් බොහෝ ලෙඩ රෝග ඇති විය හැකි අතර ගෝලීය උෂ්ණත්වය ඉහල යාම වායු දූෂණය නිසා ඇති වෙන තවත් අහිතකර තත්වයක් .

ඕසෝන් ,නිට්‍රොජන් ඩයොක්සයිඩ් ,කාබන් මොනොක්සයිඩ්,සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රධාන වායු දුෂක ලෙස හදුන්වන අතර මිට අමතරව වායු දුෂණයට දායක වන තවත් දුෂක පවතී .

අද වන විට මේ වායු දුෂණය ගෝලීය මට්ටමින් ඉහලම තර්ජනයක් වී ඇති බවට වාර්තා පෙන්වා දෙනවා .ඒ සදහා නිදසුන් අද අපට පැහැදිලිවම දැක ගන්න පුළුවන්.සමාජයේ ශ්වසන රෝග ,පිලිකා රෝග වැනි රෝග පෙරට වැඩ වැඩි වීමට වායු දුෂණයේ ඉහල දායකත්වයක් ඇති බවට පෙනී යන කරුණක් .ඒ වගේම හිසරදය ,ඔක්කාරය,ආසාත්මිකතා වැනි තත්ත්ව බහුල වීමටද වායු දුෂණය හේතු වේ .මේ අනුව පෙනී යන්නේ වායු දුෂණය මිනිසාගේ සෞඛ්‍යට බරපතල තර්ජනයක් වී ඇති බවයි.

 වායු දුෂණය හැකි තරම් අවම කර ගැනීම අප සියලු දෙනාගේම වගකීම වේ.ඒ සදහා කල යුතු වන්නේ වායු දුෂනයට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් හැකිතරම් දුරට අවම කිරීමයි. එනම් ප්‍රදාන වශයෙන් පොසිල ඉන්දන දහනය,වාහන මගින් පිටවන දුම්,කර්මන්තශාලා වලින් පිටකරන දුම් ආදී වායු දුෂක පාලනය කිරීම මගින් මෙම වායු දුෂණය අවම කරගන්න පුළුවන්.