සීනි අඩංගු සෝඩා හා යුෂ බීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බව නව පරීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙනවා.

සීනි අධික දියර පානය කිරීමෙන් අනවශ්‍යය ලෙස ශරීරයේ බර වර්ධනය වන බව කවුරුත් දන්නා කාරණාවක්. එම නව පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ සීනී අධික සෝඩා, ක්‍රීඩා වල නිරත වන්නන් පානය කරන දියර වගේම, 100% ස්වභාවික පළතුරු යුෂ පානයෙන් ඇතැම් පිළිකා ඇති වීමේ අවදානම වැඩි විය හැකිබවයි.

එම පරීක්ෂණයෙන් සැබෑම හේතුව සහ ඵලය ඔප්පු නොකළත්, අවුන්ස 3ක් 4ක් පමණ සුලු ප්‍රමාණයකින් පවා දෛනිකව සීනි සහිත දියර පානය කිරීමෙන් එම පිළිකා ඇතිවීමේ අවදානම 18% කින් ඉහළ යා හැකි බව පෙන්වා දෙනවා. කාන්තාවන් අතර එම ප්‍රමාණයම පානය කිරීමෙන් පියයුරු පිළිකා ඇති වීමේ අවදානම 22% කින් ඉහළ යන බව පර්යේෂණය මෙහෙයවූ ප්‍රංශ කණ්ඩායම සොයාගත්තා.

මෙම පරීක්ෂණය මෙහෙයවූයේ පැරිසියේ විශ්වවිද්‍යාලයේ Mathilde Touvier විසිනුයි. ඇයගේ කණ්ඩායම භාවිතා කෙරූ දත්ත පදනම් වූයේ වයස 42 ක් පමණ වන අය අඩංගු ප්‍රංශ මිනිසුන් සහ කාන්තාවන් 100,000 ක් මතයි. එම පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගෙන් ඇසුවේ ආහාර සහ දියර වර්ග 3,300 ක් අතරින් දෛනිකව කුමක් ආහාරයට හා බීමට ගන්න බවයි. ඉන්පසුව පර්යේෂණ කණ්ඩායම සිදුකලේ අවුරුදු 9ක් පුරාවට එය පසුවිපරමට ලක් කිරීමයි. ඔවුන්ට සීනි සහිත බීම/දියර සහ පිළිකා ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව එම පර්යේෂණයෙන් සොයාගන්නට හැකියාව ලැබුනා. ඒ වගේම ඔවුන්ට සොයාගන්නට ලැබුනු තවත් දෙයක් වන්නේ සීනි සහිත දියර පානයෙන් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

මෙහිදී ඔවුන් සොයාගත් තවත් දෙයක් වන්නේ, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම වගේම පිළිකා සම්බන්ධයෙන් පවුලේ ඉතිහාසය කුමක් වූවත්, සීනි සහිත බීම හා පිළිකා ඇතිවීම අතර සම්බන්ධය වෙනස් නොවන බවයි.

මෙම සම්බන්ධයට හේතුව මොකක්ද? කැලරි අධික සීනි ඇති දියර මගින් ශරීරයේ ඇති මේදය ඉහල යනවා. එමගින් පිළිකා ඇතිවීමේ අවධානය ඉහල යනවා වගේම අධි රුධිර පීඩනය ඇතිවීමේ ඉඩකඩ වැඩි වනවා. ඒ වගේම මෙම පානයන්හි අඩංගු රසායනික ද්‍රව්‍යය මගින් පිළිකා ඇති විය හැකි බව උපකල්පනය කල හැකියි.

පාලනයක් ඇතිව සීනි සහිත හෝ රහිත බීම පානය කිරීමෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැත. කෙසේවෙතත් පානය කිරීමට සුදුසුම බීම ජලය බව ඔබට අමුතුවෙන් මතක් කර දීමට අවශ්‍යය නොවේ.

(WebMD ඇසුරිනි)

ඔෂිත නාරංගොඩ