දද (Eczema) යනු සමේ දැවිල්ලක් සමග ඇතිවන අසාත්මිකතාවකි.. සාමාන්‍යයෙන්, දද නිසා සම කැසීම, රතු වීම, වියලීම, ඉරිතලා යාම සහ රැළි වැටීම ඇතිවිය හැක.

දද ඇති පුද්ගලයින්ට ඇදුම (asthma) වැනි අසාත්මිකතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. දද අතරින් වඩාත් සුලභව දැකිය හැක්කේ ඇටොපික් ඩර්මැටිටිස් (Atopic Dermatitis) යන තත්වයයි.

දද ඇතිවීමට හේතුව කුමක්ද?

පුද්ගලයෙකුට මෙය පවුල මගින් ලැබිය හැකි අතර සමහර ජාන මගින් ඇතැමෙක්ට අමතර සංවේදී සමක් ලැබිය හැක. සමහර අය සිතන්නේ සමේ ඇති වන දෝෂ සහිත තත්වයන්  මෙම දද සඳහා දායක වන බවයි. මෙම දෝෂ සහිත තත්වයන් නිසා සම හරහා තෙතමනය පිටවී විෂබීජ ඇතුළු වීමට ඉඩ සලසයි.

දද ඇතිවිය හැකි දේවල් අතර අන්තර්ගත වන්නේ;

•              ආතතිය.

•              ලොම්, කෘතිම රෙදි සහ සබන් වැනි ද්‍රව්‍ය සමඟ සම්බන්ධතාවය

•              උණුසුම හා දහඩිය.

•              සීතල හා  වියළි දේශගුණය.

•              වියළි සම

රෝග ලක්ෂණ

•              කැසීම – කැසීම තීව්‍ර විය හැකිය. දදයක් ඇති විට කැසීම නිසා සමට සිදුවන හානිය බොහෝ විට වැඩි වේ.

•              පොතු යාම – සමේ මතුපිට රත්වී, සමට රළු ගතියක් සහ  කොරපොතු පෙනුමක් ලබා දෙයි.

•            රතු පැහැය  – ආසාධනයට ලක් වූ සමේ ලේ ගැලීමක් හෝ පැල්ලම් සහිත ස්ඇවභාවයක් ඇති විය හැක.

•              තරල පිරවූ බිබිලි  –  මේවා පිටතට ගැලීමක් සිදු විය හැකිය

•              ඉරිතැලීම් – දැඩි ලෙස බලපෑමට ලක් වූ සම ගැඹුරු ඉරිතැලීම් සහ වේදනාකාරී ස්වභාවයක් ගනී

දද සඳහා ප්‍රතිකාර

•              සබන් සහ මොයිස්චරයිසර්: ඔබේ සම වියළීම අවම කරන මෘදු සබන් හෝ සබන් ආදේශකයක් භාවිතා කරන්න. මොයිස්චරයිසර් ක්‍රීම් හෝ  දියර ක්‍රීම් භාවිත කරන්න. ස්නානය කිරීමෙන් පසු සෑම දිනකම ආලේප කරන්න.

•              දද සහිත පුද්ගලයන් වතුරට බ්ලීච් කුඩා ප්‍රමාණයක් එකතු කර ස්නානය කිරීම මගින් සම මත ජීවත්වන බැක්ටීරියා විනාශ කිරීමට උපකාරී වේ.

•              අධික උණුසුම් වතුර වලින් නෑම හෝ වැඩි වේලාවක් ස්නානය කිරීමෙන් වලකින්න. එයින් ඔබේ සම වියළී යා හැකිය.

•              නිතිපතා ව්‍යායාම කිරීම,  විවේකීව සිටීමට කාලය වෙන් කිරීම කිරීමටද අමතක නොකරන්න.  

Article Ref : WebMD