ශරීරයේ ජීවය පවත්වාගෙන යාමට හෘදය මගින් සෛල සහ පටක වලට අවශ්‍ය ඔක්ෂිජන්, පෝෂ්‍ය  පදාර්ථ වැනි දෑ රුධිර සංසරණය පද්ධතිය ඔස්සේ පරිවහනය කළ යුතුය.එනම් හෘදයේ ක්‍රියාකාරීත්වය ජීවය පවත්වාගෙන යාමට අවශ්‍යම අංගයකි

මෙසේ හෘදය ක්‍රියාත්මක වීමට ද හෘදයට ප්‍රමාණවත් පරිදි රුධිර රුධිර සැපයුමක් තිබිය යුතුය.එම රුධිරය සපයන කිරීටක ධමනි අවහිර මගින් හෘදයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන පේෂි හානියට පත් වීම නිසා හෘදයාබාධ හටගනී

මෙසේ කිරීටක ධමනි අවහිර විය හැකි ආකාර කීපයකි.

  • එනම් කිරීටක ධමනි වල තෙල් තැන්පත් වීම (atherosclerosis)
  • ශරීරයේ වෙනත් රුධිර නාලයක තැන්පත් වුණු තෙල් කැටියක් කිරීටක ධමනි වෙත පැමිණ එම නාල අවහිර වීම කිරීටක ධමනි වල ආසාදන තත්ත්වයක් ඇතිවීම

මෙම රෝගී තත්ත්වය ඇතිවීම සඳහා ඇති වීම සඳහා බලපාන අවදානම් සාධක කිහිපයකි. එයින් අපිට වෙනස් කළ නොහැකි අවධානම් සාධක් කිහිඔඅයක් තිබුණත් ,අනිත් බොහොමයක් අවධානම් සාධක අපේ එදිනෙදා චර්‍යා රටාවන් වෙනස් කරගැනීමෙන් අවම කරගත හැක.

වෙනස් කල නොහැකි අවධානම් සාධක

  • වයස
  • පුරුෂයෙකු වීම
  • ළඟම ඥාතියෙකුට ( 1st degree relative ) වයස අවුරුදු 55ට අඩුවෙන් හෘදයාබාධයක් වැළඳී තිබීම

වෙනස් කර ගත හැකි අවධානම් සාධක

  • දුම් පානය
  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව
  • රැධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වීම පමණට වඩා මහත්වීම ( obesity )
  • ක්‍රියාශීලී නොවන ජීවන රටාව
  • කොකේන් භාවිතය
  • මානසික ආතතිය

හෘදයාබාධයක දී ඔබට පහත රෝග ලක්ෂණ ඇති විය හැක.

  • පපුවේ මැද වේදනාව දැඩිතෙරපුමක් ලෙස,හිර ව්න ආකාරයෙන් දැනීම. එම වේදනාවත් සමග
    • ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම – පපුවේ සිට වම් අත,බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
  • ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
  • හෘදයේ ගැස්ම තමාටම දැනීම
  • දහදිය දැමීම
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • වමනය දැමීමේ අවශ්‍යතාවක් ඇති වීම
  • අධික නොසන්සුන්බව

ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.

මෙසේ රෝග ලක්ෂණ ඇති වේ නම් හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ.එහිදී වෛද්‍යවරුන් විසින් ECG,Cardiac bio markers ( Troponin ) වැනි පරීක්ෂා කිරීමෙන් පසු ‘නිශ්චිත’ රෝග විනිශ්චකට පැමිණෙන අතර ඒ අනුව ප්‍රතිකාර සිදු කරනු ලබයි.

Oxford handbook of Clinical Medicine ග්‍රන්ථය ආශ්‍රයෙනි.