“බයිපාස් සැත්කම් කළ නොහැකි රෝගීන් හට ඇති කදිම විසඳුම EECP චිකිත්සාවයි” නවතම චිකිත්සක ක්‍රමවේදය පිළිබඳ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පැහැදිලි කරයි

රුධිර වාහිනී ආශ්‍රිත රෝග (CVD) ලොව වැඩිම මරණ සංඛ්‍යාවකට වගකියන රෝගය  බවට පත්ව ඇත. ලෝක හෘද සම්මෙලනයට  (World Heart Federation) අනුව එමගින් ලොව වාර්ෂිකව රෝගී  පුද්ගලයන් මිලියන 17.5ක් මිය යන අතර  2030 වන විට එම අගය මිලියන 23කට ආසන්න වනු ඇතැයි අපේක්ෂිතය. වයස අවුරුදු 30-70 අතර  පුද්ගලයන් 10 දෙනෙක්ගෙන්  එක් අයෙකු රුධිර   වාහිනී ආශ්‍රිත රෝගයකින් පෙලෙන අතර ලොව පුරා සිදුවන  මරණවලින් 31%ක් සිදු වන්නේ එම රෝගය හේතුවෙනි.

නිධන්ගත රුධිර  වාහිනී ආශ්‍රිත රෝග (CAD) වලින් පෙලෙන රෝගීන් සඳහා බහුලව යොදා ගැනෙන්නේ බයිපාස් (CABG) සැත්කම්ය. කෙසේවෙතත් එම සැත්කම සඳහා ශරීර තත්ත්වය ද බෙහෙවින් බලපාන බැවින් ඕනෑම රෝගියෙකුට එවැනි සැත්කමක් දරා ගැනීමේ  හැකියාවක් නොමැත. බයිපාස් සැත්කම් වෙනුවට ලොව පුරා දශකයකට අධික කාලයක පටන් තවත් විකල්පයක් භාවිත කෙරේ. හෘද රෝගීන් සැත්කමකට හෝ කැපීමකට භාජනය කිරීමෙන්  තොරව සිදු කෙරෙන මෙම ප්‍රතිකාරය  Enhanced External Counter Pulsation හෙවත් EECP ක්‍රමවේදය ලෙස හැඳින්වේ. හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම ක්‍රමවේදය සාර්ථක විකල්පයක් ලෙස නිර්දේශ කරයි.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ගෞරව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේද  කටයුතු කරයි.

පහත දැක්වෙන්නේ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සමග සිදු කෙරුණු සම්මුක සාකච්ඡාවකින් උපුටා ගැනීමකි:

1) EECP කියන්නේ කුමක්ද?

 EECP යනු වැඩිදියුණු කල බාහිර   සඵන්දන චිකිත්සක ක්‍රමවේදයක්. ඒ සඳහා එක්සත් ජනපදවේ ආහාර  සහ ඖෂධ පරිපාලන ආයතනවේ (FDA) අනුමැතිය ද හිමිවී තිබෙනවා. පපුවේ වේදනාව (Angina), හෘදය අකර්මනය වීම ( Heart Failure ), බරපතල ලෙස රුධිරය වහනයට බාධා පැමිණීම සහ හෘදය පොම්ප කිරීමේ අපහසුතා ආදී රෝග සඳහා භාවිත කල හැකි කැපුම්වලින් තොර, සැත්කම්වලින් තොර, බාහිර රෝගී චිකිත්සාවක් ලෙස එය හැඳින්විය හැකියි.  ලොව පුරා සිදු කරන ලද  පරීක්ෂණ රැසකින් අනතුරුව EECP චිකිත්සාව රෝගීන් හට ආරක්‍ෂිත සහ ඵලදායී ක්‍රමවේදයක් බවත්, 70-80% අතර  ප්‍රමාණයකට ඉන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවත් එම තත්ත්වය වසර පහක් දක්වා දීර්ඝ කාලයක් පවත්වා ගත හැකි බවත් තහවුරු වී තිවබනවා.

2) මේ ප්‍රතිකාර කව්රුන් සඳහාද?

බයිපාස් සැත්කම් සෑම අයෙකුටම සිදු කල නොහැකියි. EECP චිකිත්සාව එවැනි බයිපාස් සැත්කම් සිදු කල නොහැකි නමුත් එම ප්‍රතිඵලම අපේක්ෂා කරන්න රෝගීන් හට කදිම විකල්පයක් වනවා. 

3) EECP චිකිත්සාව කුමන රටවලද භාවිත කෙරෙන්නේ ?

මෙය එක්සත් ජනපදවේ FDA ආයතනවේ අනුමැතිය හිමි චිකිත්සක ක්‍රමවේදයක් බැවින් එමගින් ජාත්යන්තර වෛද්‍ය ප්‍රමිතීන් සපුරනවා. එම නිසා එය ලොව පුරාම දැකගත හැකියි. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, චීනය, රුසියාව, මැදපෙරදිග, ඉන්දියාව, සිංගප්පුරුව සහ පකිස්ථානය යන රටවල මෙය විශේෂයෙන් දැකගත හැකියි. ශ්‍රී ලංකාවට මෙය හඳුන්වා දෙන ලද්දේ  මඳක් ප්‍රමාද වී වුවත්, අපට දැන් එම ක්‍රමවේදය වඩාත් හොඳින් රෝගීන් වෙනුවෙන් භාවිත කල හැක්කේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් තිබෙනවා. 

4) EECP චිකිත්සාව ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

වාතය පුරවන ලද පීඩක මෙහිදී රෝගියාගේ කලවා සහ කේණ්ඩා ප්‍රදේශ වල සවි කෙරෙනවා. මෙම පීඩක රෝගියාගේ හෘදය ස්පන්දනයට සමගාමීව දිගහැරීම සහ හැකිලීම සිදුවෙනවා. හෘදය අධීක්ෂණය වන යන්ත්‍රය මගින් හෘදය ඉහිලිවන විට වාතය මුදා හැරීමටත් හෘදය පොම්ප කරන විට වාතය  ලබා දීමටත් කටයුතු කරනවා. මෙම  ක්‍රියාවලිය නිසා හෘදයට රුධිරය සංසරණය වීම වඩාත් පහසු වනවා. සියුම් රුධිර වාහිනී ජාලය (Collaterals) පුළුල් කරමින් හෘදයට රුධිරය සැපයෙන නව මාර්ග සකස් කර  ඒ හරහා හ්රදයේ මාංශ පේශිවලට රුධිරය ගමන් කිරීම සාමානය මට්ටමක පවත්වා ගැනීම EECP චිකිත්සාවේ අරමුණයි. මේ හේතුව නිසා වෛද්‍ය වීෂේශඥයින් මෙම ක්‍රමවේදය ස්වභාවික බයිපාස් සැත්කමක් ලෙසද හඳුන්වනවා.

5) චිකිත්සාවට පෙර සහ පසුව ගත යුතු පියවර මොනවාද?

චිකිත්සාවට පෙර හෘද රෝග වීශේෂඥ වෛද්‍යවරයෙක් රෝගියා මෙම ප්‍රතිකාරය සඳහා සුදුසු ද යන්න පරික්ෂා කර බැලිය යුතුයි. රෝගියා  ECG, රුධිර පරික්ෂා, වකුගඩු ක්‍රියාකාරිත්වය සහ හෘදවේ ක්‍රියාකාරිත්වය ආදී පරික්ෂා සිදු කර වෛද්‍යවරයා විසින් මෙම ප්‍රතිකාරය නිර්දේශ කරනු ලබනවා. චිකිත්සක කාලය අවසන් වූ පසුව වෛද්‍යවරයා රෝගියා සමග සාකච්ඡා කර   හෘදවේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වී ඇතිද යන්න පරික්ෂා කිරීම සඳහා ස්කෑන් සහ ECG පරික්ෂා සිදු කරනවා. රෝගියා ද මෙ මගින් ඉහළම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අඛන්ඪව ඖෂධ භාවිත කිරීම වැදගත්.

6) EECP චිකිත්සාව සිදු වන්නේ කෙසේද ? ඒ සඳහා කොපමණ කාලයක් ගත වනවාද?

ප්‍රතිකාරය සදු කරන්නේ  බාහිර රෝගී පදනම මතයි. සාමාන්‍යායෙන් දිනකට පැයක සැසිය බැගින් සතියකට දින හයක් පමණ මෙය සිදු කෙරෙනවා. සමස්ත ප්‍රතිකාර සැසි ගණන 35යි. මෙම ක්‍රියාවලිය යටතේ ආසන්න වෂයෙන්  75% කට සිය රෝගවලින් මිදීමේ හැකියාව පවතිනවා.

7) EECP චිකිත්සාව හෘදයට බලපාන්නේ කෙසේද ?

රුධිර වාහිනී පළල් කිරීම හා හෘදවේ රුධිර සැපයුම කඩිනමින් සහ තිරසර ලෙස වැඩි කෙරෙනවා. 

8) EECP චිකිත්සාව යොදා ගැනෙන්නේ  කුමන සෞඛ්‍ය තත්ත්ව සඳහා ද?

මෙය ප්‍රධාන වශයෙන් සංකීර්ණ හෘද අකර්මනයවීම් සඳහා භාවිත කෙරුණත් මෙහි වෙනත් ප්‍රතිලාභ රැසක් ද තිබෙනවා. පර්යේෂණ වලට අනුව හදිස හෘද රෝග, වකුගඩු රෝග, පාකින්සන් රෝගය, මතක ශක්තිය පිළිබඳ ගැටළු, දියවැඩියාව සහ ස්නායු රෝග, අධි රුධිර පීඩනය සහ වෙනත් සංසරණ රෝග සඳහා ද මෙමගින් ධනාත්මක ප්‍රතිඵල ලබාදිය හැකියි.

9) EECP චිකිත්සාව සම්බන්ධ සංඛ්‍යා දත්ත කිහිපයක් ඉදිරිපත් කල හැකිද?

ඔව්. විදේශ රටවල කෙරුණු ගැඹුරු අධයයන රැසකින් අනතුරුව පහත සිංඛ්‍යා දත්ත ඉදිරිපත් වී තිබෙනවා. මාස 24 කට පසුව රෝගීන්ගෙන්  31%ක පිරිසක් පපුවේ වේදනාවෙන් තොර රෝගීන් ලෙස වාර්තා වනවා. තවද, ඊලග මාස 24 ක කාලය පුරා  එහි ප්‍රතිලාභ ඉදිරියටත් පැවතී තිවබනවා. 

10) EECP චිකිත්සාවේ කිසයම් අවදානමක් හෝ අතුරු ඵල හෝ තිබෙනවාද?

EECP ඉතා ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස ප්‍රකටයි. මෙමගින් ඉතා සුළු ගැටළු කිහිපයක් පමණක් ඇති විය හැකියි. උදාහ ණයක් ලෙස සමහර රෝගීන්ගේ පිඩක තිබූ ස්ථානවල සමේ කැසීමක් හට ගත හැකියි. නමුත් මෙය අමතර පැඩින් යෙදීමෙන්  පහසුවෙන් වලක්වා ගත හැකියි. සමහර රෝගීන් හට ප්‍රතිකාර  ආරම්භයේදී කැසීම්  ඇති විය හැකි අතර එය ද සැසි කිහිපයකින් පසුව මග හැරී යා හැකියි.

11) තමන් මුහුණ දුන් EECP ප්‍රතිකාරය සාර්ථක වූවා දැයි රෝගියා හඳුනා ගන්නේ කෙසේද ?

මෙය හඳුනා ගැනීමට ක්‍රම කිහිපයක් තිබෙනවා. රෝගියාට කිසිඳු ආකාරයක පපුවේ වේදනාවකින් තොරව වැඩි දුරක් ඇවිදීමට හැකි වනවා. රෝගීන්ට පපුවේ වේදනා ඇති වීමේ අවස්ථා අඩු වීම හෝ එවැන්නක් ඇති නොවීම හෝ අත්විඳිය හැකියි. පපුවේ වේදනාවක් ඇති වුවත් එය මීට පෙර ඇති වූ වේදනාවට වඩා අඩු වේදනාවක් වනු ඇති. ඔවුන්ට වැඩි  ශක්තියක් හිමිවන බැවින් යළිත් වරක් ක්‍රියාශීලි ජීවන  රටාවකට ප්‍රවේශ වීමට හැකි වනවා.

12) ඇන්ජියෝප්ලස්ටි හෝ බයිපාස් සැත්කම සමග EECP ප්‍රතිකාරය සංසන්දනය කරන්නේ කෙසේද ?

EECP රෝගීන් හට වසර 5ක් දක්වා  ලැබෙන ප්‍රතිලාභ ඇන්ජියෝප්ලස්ටි සහ බයිපාස් සැත්කමකින් වසර 5ක් දක්වා ලැබෙන  ප්‍රතිලාභ වලට සමානයි. EECP පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 0114504662/3 අිංකය අමතන්න.