ආමාශ බිත්තිය තුවාල වීම නිසා ආමාශය තුල ඇති වන දැවිල්ල gastritis නැත්නම් ආමාශයේ දැවිල්ල ලෙස හදුන්වනවා . Gastritis අප අතර බොහෝ දෙනාට පවතින රෝගී තත්ත්වයකි .මේකට හේතුව,අපේම අයහපත් සෞඛ්ය පුරුදු බව හැමෝම දන්නා කරුනක් .

නිරාහාරව සිටීම ,උදෑසන ආහාරය ප්රමාද කිරීම ,පමනට වඩා මත්පැන් ගැනීම එවන් වූ අයහපත් පුරුදු වේ .ඒ විතරක් නෙමෙයි ,මානසික ආතතිය ,ක්ෂය රෝගය සිෆිලිස් වැනි රෝග ,දුර්වල ප්රතිශක්තිකරණ පද්ධතියක් පැවතීම ,නිදන්ගත වකුගඩු රෝග මේ වගේ හේතුත් ගස්ට්රිටිස් වලට බලපානවා.

ඔක්කාරය ,වමනය ,ආහාර අරුචිය ,බඩ පිපීම වගේ දේවල් මගින් gastritis හදුනා ගන්නවා .මෙවිට උදරයේ ඉහල කොටසේ වේදනාවත් ඇති වෙනවා .Gastritis කෙටි කලක පටන් හෝ දිගු කාලීනව පවතින්න පුළුවන් රෝගී තත්ත්වයක් .

දිගු කාලීනව මේ රෝගය පවතින්නේ යම් යම් හේතු නිසා ,මෙම හේතු type A ,type B ,type C ලෙස ආකාර තුනකි . ප්රතිශක්තිකරණ පද්ධතිය මගින් ආමාශයේ සෛල විනාශ වීම නිසා විටමින් ඌනතා සහ පිලිකා තත්ත්ව ඇති විම type A මගින් ඇති වෙන බලපෑම වේ .type B සුලබම ආකාරය ලෙස හදුනාගෙන ඇති අතර ,එමගින් සිදු වන්නේ ආමාශයේ හා බඩවැල් වල තුවාල
ඇති වීමයි .මීට හේතු වන්නේ helicobacter pylori නම් bacteria වයි .type C යනු රසායනික ද්රව්ය මගින් ආමාශයේ දැවිල්ල ඇති වීමයි .


විදිමත් ආහාර රටාවකට හුරු වීම මගින් ගස්ට්රිටිස් වලට සරලව ප්රතිකාර කරන්න පුළුවන් .ලුණු අධික ආහාර ,මේදය අධික ආහාර ,
ආම්ලික ආහාර පාලනය කිරීමද ගස්ට්රිටිස් වලක්වා ගැනීමට කල හැකි දේවල වේ .මානසික සෞඛ්ය නිරෝගී කර ගැනීම ද මිට
ප්රතිකාර කිරීමට වැදගත් වේ .