සාමාන්ය ව්යවහාරයේදී අප අසා ඇති හිසරදයේ දරුණු අවදධියක් ලෙස ඉරුවාරදය නැත්නම් migraine හදුන්වා දෙන්න පුළුවන් .
මෙම රෝගී තත්ත්වයට මුහුණ දෙන විට බොහොමයක් වෙලාවට වමනය , ඔක්කාරය වැනි තත්ත්ව ඇති වෙනවා .ඉරුවාරදය නැත්නම්
migraine තත්ත්වය සාමාන්යයෙන් පැය හතරක් හෝ දින තුනක් වගේ වෙලාවක් පවතින්න පුළුවන් , සමහර විට දින තුනට වඩා
වැඩි වෙලාවක් පවතින අවස්ථාද නැතුවට නෙමේ .


image © from lasereyesurgeryhub.co.uk


ඇමෙරිකාවේ කරන ලද සමීක්ෂණ වලට අනුව ඔවුන් පවසන්නේ සෑම ඇමෙරිකානුවන් මිලියන 36 කට වැඩි ප්රමාණයකට මෙම
migraine තත්ත්වය පවතින බවයි .ඒ අතරිනුත් පිරිමින්ට වඩා තුන් ගුණයක් කාන්තාවන්ට migraine පවතින බව මෙම සමීක්ෂණ වැඩි දුරටත් පෙන්වා දෙනවා .බොහෝ වෙලාවට මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු දහයත් හතළිහත් අතර කාලයේදී ඇති විය හැකි බව ඔවුන් පවසනවා .කොහොම වුනත් කාන්තාවන්ට නම් අවුරුදු පනහ පසු වූ විට මෙම තත්ත්වය වැඩි විය හැකි අතර සමහර අයට රෝගය සුව වෙන්නත් පුළුවන් .


image © from paindoctor.com

මෙම migraine හෙවත් ඉරුවාරදයට හේතුව කුමක්ද කියා තවමත් නිශ්චිතවම හදුනාගෙන නැති නමුත් සමහර වෛද්යවරු පවසන ආකාරයට මේක මොළයේ සිදු වන වෙනස්වීම් නිසා ඇති වෙන තත්ත්වයක්. තෙහෙට්ටුව ,දීප්තිමත් ආලෝක තත්ත්ව, කාලගුණික විපර්යාස වගේ හේතුද migraine වලට බලපානවා .