වර්තමාන සමාජයේ පිළිකා බහුලව හමුවන රෝගී තත්ත්වයක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ කාන්තාවන් වැඩි දෙනෙක්ට වැළඳෙන පිළිකා රෝගය වන්නේ පියයුරු පිළිකාවයි.

පියයුරු පිළිකාවක් හඳුනාගත යුත්තේ කෙසේද,ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද යන්න සෑම කාන්තාවක්ම දැන ගත යුතු කාරණයකි.

පියයුරු වල සිදුවන සෑම වෙනසක් ම පිළිකා තත්වයක් නොවන අතර එහෙත් ඒ සෑම තත්ත්වයක් සම්බන්ධයෙන් ම සැලකිලිමත් වීම වඩා වැදගත් වේ .

පියයුරු පිළිකා වැල්දීමට

  • අවුරුදු 50ට වැඩි කාන්තාවක් වීම
  • අඩු වයසකින් ආර්ථවය ආරම්භ වීම
  • වැඩි වයසකින් ( අවුරුදු 55ට පසු ) ආර්ථවහරණය වීම
  • දරුවන් නොමැති වීම
  • මව් කිරි නොදී තිබීම
  • අධික තරබාරු වීම
  • පවුලේ අයෙකුට පියයුරු පිළිකාවක් සෑදී තිබීම
  • දුම්පානය වැනි කරුණු අවධානම් සාධක වේ

ඔබට පහසු වේලාවක දී හා පහසු ඉරියව්වක සිට ඔබගේ පියයුරු නිරීක්ෂණය කිරීමෙන් හා අතින් ස්පර්ශ කිරීමෙන් ඔබගේ පියයුරු වල සාමාන්‍ය ස්වභාවය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගත හැක.එම සාමාන්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම නිසා මෑතකදී ඇති වූ ඕනෑම වෙනස්කමක් ඉතා ඉක්මනින් ඔබට හඳුනා ගැනීමට උපකාරී වේ.

ඔබ නිරීක්ෂණය කළ විට හෝ ස්පර්ශ කර බලන විට පියයුරුවල පහත දැක්වෙන වෙනස්කම් තිබේ දැයි තිබේදැයි සැලකිලිමත් කිරීම කිරීම වඩා වැදගත් වේ.

  1.  පියයුරු වල හැඩය ප්‍රමාණය හෝ පෙනුමේ වෙනසක්

මෙවැනි වෙනස්කම් අත් ඉලකට එසවීමේදී, අත් ඉණට තබා තෙරපී මේදී දැකගත හැක. පියයුරු  ඇතුළට නෙරා යාමක් හෝ සමේ වෙනස්කමක්  ඇත්දැයි නිරීක්ෂණය කිරීම වැදගත් වේ.

  • එක් පියයුරක අලුතින් ඇති වූ මහා දිගටම පවතින අපහසුතාවක් හෝ වේදනාවක් පවතීදැයි සැලකිලිමත් විය යුතුය.
  • එක් පියයුරක හෝ කිහිල්ල ආශ්‍රිතව කුමන ආකාරයේ හෝ ගැටිත්තක්,සමේ ඝන වීමක් හෝ ඉදිමීමක් තිබේදැයි සැලකිලිමත් විය යුතුය

පියයුරු වල අනෙක් ප්‍රදේශ හා සංසන්දනය කරමින් මෙය වඩා පැහැදිලිව නිරීක්ෂණය කල හැක.

  • තනපුඩුවේ වෙනසක්, තන පුඩුවෙන් ස්‍රාවයක් එනම් කිරි නොවන පිටවීමතක්, තන පුදු අශ්‍රිතව පහසුවෙන් සුව නොවන රතු පැහැති සහ තෙත සහිත දදයක්,වන වීමක් හෝ තුවාලයක්, තනපුඩුව පිහිටි ස්ථානය වෙනස්වීමක් එනම් ඇතුලට ගිලීයාමක් හෝ දිශාව වෙනසක් තිබේ දැයි සැලකිලිමත් වීම වැදගත් වේ.

මෙසේ පියයුරු වල වෙනස්කම් හඳුනා ගතහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම අත්‍යවශ්‍ය වේ.  එවිට අවශ්‍ය නම් පරීක්ෂණ සඳහා යොමු වී එම වෙනස්කම පිළිකාවක් හෝ වෙනත් තත්ත්වයක් නිසා ඇති වූවක් දැයි සැක හැර දැනගත හැකිවේ.