කොවිඩ් සමග දිවි ගෙවන්න සිදු වෙලා වසර දෙකකට ආසන්න කාලයක් ගතවුනත් තාමත් විවිධාකාර විකෘති තත්වයන් ඔස්සේ නව ප්‍රභේදයන් හමුවීමනම් අඩුවෙලා නෑ..එලෙස සොයාගත් නවතම විකෘතිය ලෙස අප්‍රිකානු මහාද්වීපයෙන් හමුවූ  ඔමික්‍රොන් (B.1.1.529) ප්‍රභේදය හඳුන්වා දෙන්න පුලුවන්.

* ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම

* වරක් කොවිඩ් ආසාදනය වූ පුද්ගලයකුට නැවත වරක් ආසාදනය වීමේ හැකියාව

* වෛරසයේ ජාන විකෘතිය ඉතා ඉහළ වීම.

* භාවිතයේ පවතින එන්නත් වල සාර්ථකත්වය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති වීම්.

යනාදී හේතු සාධක නිසාවෙන් මෙම නව ප්‍රභේදය  ලෝකයේම අවදානය දිනා ගැනීමට සමත් වූ අතර ඒ නිසාම පසුගිය නොවැම්බර් 26 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැඩි අවදානය යොමු කල යුතු කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වශයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය නම් කරනු ලැබුවා.

ඕනෑම වෛරසයක් ව්‍යාප්ත වීමට ඉහළ හැකියාවක් පවතින අවස්ථාවන්හීදී එහි  විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඒ හා සමාන මට්ටමකින් ඉහළ යනවා. කොවිඩ් රෝගයට ද එය එලෙසින්ම බලපෑම් කරන බවට හොඳම නිදසුනක් තමයි අප්‍රිකානු කලාපය. ඉතා දිලිදු රාජ්‍යයන් පවතින මෙහි එන්නත්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය සෙසු කලාපයන්ට සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක පවතින්නේ..මේ නිසාමයි කොවිඩ් රෝගය හා බැඳුනු  බොහෝ විකෘති තත්වයන් මෙම කලාපයෙන් සුලබව හමු වෙන්නේ. කොවිඩ් වෛරසය චීනයේ වූහාන් වලින් ප්‍රථමයෙන් සොයා ගත්තද මුල් ප්‍රභේදයෙන් වෙනස් වූ ලොව පුරා දැඩි ව්‍යසන තත්වයක් නිර්මාණය කල විකෘති තත්වයන් වන ඇල්ෆා,බීටා,ඩෙල්ටා වගේම ඔමික්‍රෝන් ප්‍රභේදයද  සොයා ගත්තේ මෙම අප්‍රිකානු කලාපයෙන්.

මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය සොයා ගැනීමත් සමගම බොහෝ රටවල් විසින් දකුණු අප්‍රිකානු රටවල සිට තමන්ගේ රටට පැමිණීමට ඇති අවස්ථා අවහිර කරනු ලැබුවා. ලංකාවද මෙම පිලිවෙත අනුගමනය කලත් අද වනවිට ලංකාවෙන් මෙම වෛරසය ආසාදිත පුද්ගලයකු හමුවී තිබෙනවා. මේ හේතුවෙන්

යම්තාක් දුරකට සුපුරුදු ජන ජීවිතයට අවතීර්ණ වෙමින් සිටින ඔබට නැවතත් අභියෝගකාරී කාලයකට මුහුණ දීමට සිදුවිය හැකියි. මොකද පෙර සොයා ගනු ලැබූ විකෘතියන්ටත් වඩා වැඩි බලපෑමක් මෙමගින් ඇති කරන නිසා. ඒ නිසා ඔබට කළහැකි නුවණක්කාරම දේ තමයි ක්‍රම ක්‍රමයෙන් අමතක කරන සෞඛ්‍යාරක්ෂක උපදෙස් නැවත ඒ ආකාරයෙන්ම පිළිපැදීම. ඒ අනුව

* මුඛ ආවරණ නිසියාකාරව පැලඳීම

* දෑත් හොඳින් සෝදා පිරිසිදු කිරීම

* සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම

* සෙනග වැඩි ස්ථාන හැකිතාක් මගහැර කටයුතු සිදු කිරීම.

* ලද පළමු අවස්ථාවේම එන්නත් ලබා ගැනීම.

ඔබේ මෙන්ම ඔබේ ආදරණීයන්ගේත් ජීවිත වල වගකීම තියෙන්නේ ඔබේ අතේ..ඒ නිසා සෑම මොහොතකම නිසි සෞඛ්‍යාරක්ෂක උපදෙස් පිලිපදිමු. ඉතා පහසු සරල උපදෙස් අනුව කටයුතු කර ජීවිත ආරක්ෂා කර ගනිමු.