මේ වනවිට සමාජමාධ්‍ය ඔස්සේ බොහෝ කතාබහට ලක්වන Listeria monocytogenes විශබීජය ගැනයි අද මේ අවදානය..

ශ්‍රී පාද අඩවියෙන් හමු වූ රෝගීන් දෙදෙනකු අතරින් මේ වනවිට එක් පුද්ගලයකු මියගොස් ඇති අතර,මියගිය කාන්තාවගේ රුධිරය සහ සුසුම්නා තරල යොදාගෙන සිදුකල ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්ෂණය වලින් තහවුරු වී ඇත්තේ ඇයට Listeria monocytogenes විශබීජය ආසාදනය වී ඇති බවයි. මෙම රෝගයට ගොදුරු වී ඇතැයි සැකකරන අනෙක් තැනැත්තිය ශ්‍රීපාදය තරණය කිරීමට ගිය 16 හැවිරිදි දැරියකි.

මෙම ආසාදිත විෂබීජය Gram Positive බැක්ටීරියා විශේෂයක් වන අතර බාහිර පරිසරයේ උෂ්ණත්වය අවම මට්ටමක පවතින විට ඉතා වේගයෙන් මෙම විෂබීජය ව්‍යාප්ත වන අතර, පහත ඕනෑම ආහාරයකින් ඔබේ ශරීරයට ඇතුළු වීමට හැකියාව ඇත.

ශිත කල ආහාර
පාශ්චරිත නොකල කිරි ,(Un pasturised Milk ) 
චීස්
සොසේජස්
සැන්ඩ්විච්
අපිරිසිදු ශීතල ජලය

ආහාර ඔස්සේ ශරීර ගත වන මෙම බැක්ටීරියාව , ආන්ත්‍රික බිත්ති හරහා රුධිරයට එක්වී මොළයට ගමන් කරන අතර ඒ හේතුවෙන්

වමනය
පිට කොන්දේ වේදනාව
පාචනය
හිසරදය
උණ
සිහිමද ගතිය
රෝග ලක්ෂණ ඇතිවිය හැක.

මෙම රෝගයට ගොදුරු වීමේ අවධානම් කාණ්ඩ

වයෝවෘද්ධ පිරිස්
නවජන්ම ළදරුවන්
ගර්භනී කාන්තාවන්
දියවැඩියාව රෝගීන්
ප්‍රතිශක්තිය ඉතා අඩු රෝගීන්‍ ය. ( උදා – පිලිකා රෝගීන් )

ගර්භනී කාන්තාවක් මෙම රෝගයට ගොදුරු වුවහොත් බැක්ටීරියාව වැදෑමහා ආසාදනය කරන අතර ඒ හරහා විෂබීජය කළලය දක්වාම ගමන් කරයි. මීට අමතරව ඉහත කාණ්ඩයන්ට අයත් නොවන පුද්ගලයන්ද කලාතුරකින් රෝග වාහකයන් බවට පත්විය භැක.

මෙම විශබීජය මඟින් , Meningitis ( මශ්තිශ්ක පටල ප්‍රදාහය ) Meningoencephalitis ( මශ්තිශ්ක ප්‍රදාහය ) සහ විශබීජය රුධිර ගත වීමෙන් , Bacteremia යන මරණීය විය හැකි රෝග තත්ව ඇති කෙරේ.

ශ්‍රී පාද වන්දනාවේ ඔබ යෙදෙන්නේ නම් ආහාර සහ ජලය පරිභෝජනයේදී ඉතා සැලකිලිමත්ව කටයුතු කරමින් හැකි සෑම විටම අලුත් , උණුසුම් ආහාර ලබා ගැනීමට උත්සාහ කරන්න. සීත පරිසරය තුලදි ක්‍රියාකාරී මෙම බැක්ටීරියාවෙන් ආරක්ෂා වීමට ඇති එකම මාර්ගය මෙයයි.