ඔබට ශරීර බර වැඩි කරගැනීමට උපකාර වන කැලරි අධික පළතුරු 11ක්!

ඇතැම් පුද්ගලයන්ට ශරීර බර වැඩි කරගැනීම වගේම මාංශපේෂි වර්ධනය කරගැනීම කියන්නේ අමාරු කාරණාවක්.

ශරීර බර වැඩිකරගැනීමට බලපාන ආහාර ගැන කතා කිරීමේදී පළතුරු මුලින්ම මතක් නොවුනත්, බර වැඩි කිරීමට අවශ්‍යය වන අතිරේක කැලරි ලබාදිය හැකි හැකි පළතුරු තිබෙනවා.

මෙම පළතුරු වල තිබෙන සුවිශේෂී කම තමයි, ශරීරයේ බර වැඩි කරන්න දායක වන කැලරි වලට අමතරව, ඔබගේ සෞඛ්‍යයට උපකාරී වන විටමින් සහ ඛනිජ ලවණ වලින් ඒවා අනූන වීමයි.

පහතින් දැක්වෙන්නේ සෞඛ්‍ය සම්පන්න හා ඔබගේ ශරීර බර වැඩි කරගැනීමට දායක වන කැලරි අධික පළතුරු 11ක්!

නැවුම් පළතුරු

බොහෝ පළතුරුවල කැලරි ප්‍රමාණය අඩු වූවත්, ඔබගේ ශරීරයේ බර වැඩි කිරීමට බලපාන කාබෝහයිඩ්‍රේට සහ මේදවලින් ඒවා අනූනයි.

මේ තිබෙන්නේ බර වැඩි කරගැනීමට උපකාරී වන නැවුම් පළතුරු 4ක්.

1 කෙසෙල් – ඔබට ශරීර බර වැඩි කරගැනීමට අවශ්‍යය නම් අනිවාර්යයෙන්ම සැළකිය යුතු නැවුම් පළතුරක් තමයි කෙසෙල් කියන්නේ. කෙසෙල් වල කැලරි වලට අමතරව, මේදය, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, තන්තු, විටමින් B6 වගේම මැන්ගනීස් අඩංගු වෙනවා. එමෙන්ම කොළ පැහැති කෙසෙල් වල පිෂ්ඨය අඩංගු වනවා.

2 අලිගැටපේර – මෙය පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන විශේෂ පළතුරක්. ඒ විතරක් නෙවේ අලිගැටපේර කියන්නේ කැලරි අඩංගු වන සහ ශරීර බර වැඩිකරගැනීමට උපකාර වන පළතුරක්. කැලරි වලට අමතරව අලිගැටපේර වල මේදය, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, තන්තු, විටමින් K හා ෆෝලේට් අඩංගු වෙනවා.

3 පොල් – ඔව්, පොල් කියන්නේ නැතුවම බැරි ගුණාත්මක පළතුරක්. මේදය බහුල පොල් වලින් ඔබේ ශරීරයට ප්‍රෝටීන්, කැලරි, කාබෝහයිඩ්‍රේට්, තන්තු වලට අමතරව, මැන්ගනීස් හා සෙලෙනියම් ලබා ගන්න පුලුවන්. ඒ වගේම පොල් වලින් ඛණිජ ලවණ වන පොස්පරස් හා කොපර් ශරීරයට ලැබෙනවා.

4 අඹ – අතිශය ප්‍රණීත වගේම කැලරි වලින් සමන්විත පළතුරක් තමයි අඹ කියන්නේ. නොයෙක් පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන අඹ වලින් ඔබේ ශරීරයට විටමින් A, B වගේම E ලබාගන්නත් පුලුවන්.

වියළි පළතුරු

වියළි පළතුරු වල අඩංගු වන ජලය අඩුවුණත් ඒවාත් පෝෂ්‍ය පදාර්ථ වලින් අනූනයි.

මේ තියෙන්නේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න භාවය වගේම බර වැඩි කරගැනීමට උපකාරී වන වියළි පළතුරුයි.

5 රට ඉඳි – කවුරුත් දන්නා ප්‍රණීත වියළි පළතුරක් වන රට ඉඳි වල කැලරි, තන්තු ඇතුලු නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලට අමතරව කොපර්, මැන්ගනීස්, යකඩ සහ විටමින් B6 අඩංගුයි.

6 Prunes – Prunes කියන්නේ වියළි පළතුරක්. මේවා වල ඇති විශේෂත්වය තමයි මලබද්ධය නැති කිරීමට උපකාරී වීමයි. ඒ වගේම කැලරි සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලට අමතරව විටමින් K සහ පොටෑසියම් Prunes වල අඩංගු වනවා.

7 Apricots – රට කොට්ටං ලෙස හැඳින්වෙන Apricot වල විටමින් A, E හා කැලරි ඇතුලුව නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථ ඇතුලත් වනවා.

8 අත්තික්කා – පොටෑසියම් හා කැල්සියම් අඩංගු වන අත්තික්කා තරමක මිහිරි රසැති, කැලරි වලින් සමන්විත වගේම පොටෑසියම් හා කැල්සියම් අඩංගු ගුණදායක පළතුරක්.

9 වියළි මිදි – කවුරුත් ආහාරයට ගන්න කැමති වියළි මිදි, ඔබගේ ශරීර බර වැඩිකිරීමට අවශ්‍යය කැලරි ලබා දෙනවා වගේම, යකඩ, පොටෑසියම්, තඹ, මැන්ගනීස්, මැග්නීසියම්, හා විටමින් B ශරීරයට ලබාදෙනවා.

10 සුල්තානා – කොළ පැහැති ඇට නොමැති මිදි වියලා නිපදවන සුල්තානා වලින් ඔබට ශාරීරික බර වැඩි කරගැනීමට අවශ්‍යය කැලරි ලබාගත හැකියාව ලැබෙනවා වගේම නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න පුලුවන්

11 Currants – “Black Corinth” ලෙස හැඳින්වෙන වියළාගත් මිදි වර්ගයක් වන Currants වලින්, කැලරි, කොපර්, යකඩ වගේම සින්ක්, පොටෑසියම් හා මැග්නීසියම් පවා ශරීරයට ලැබෙනවා.

ඉහතින් දක්වා ඇති පළතුරු ඔබ වැඩි වැඩියෙන් ආහරයට ගන්නේ නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වගේම ශරීරය බර වැඩිකරගැනීමට හැකියාව ලැබෙනවා.

(Healthline ඇසුරිනි)

ඔෂිත නාරංගොඩ