අද සමාජයේ බොහොමයක් දෙනා අතර කතා බහට ලක්වී තිබෙන රෝගයක් තමයි මේ දියවැඩියාව කියලා කියන්නේ .දියවැඩියාව ඇති වෙන්නේ අපගේ සිරුර  තුල තිබෙන ග්ලුකෝස් සංයුතියේ සිදුවන විවිධ වෙනස්කම් නිසයි .ග්ලුකෝස් කියල කියන්නේ අපගේ දේහ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සංඝටකයක් .ඒ කියන්නේ සරලව කියුවොත් රුධිරගත ග්ලුකෝස් මට්ටම සමතුලිත ලෙස පවත්වාගත නොහැකි වීම තමයි දියවැඩියාව කියල කියන්නේ .

මෙම තත්වය ඇති වීමට බලපාන ප්‍රධානම හේතු දෙකකි. එනම් ඉන්සුලින් නිෂ්පාදනය අඩු වීම සහ ඉන්සුලින් ක්‍රියාකාරිත්වය අඩු වීම වේ .මේ හේතු දෙක නිසාවෙන්ම රුධිරගත ග්ලුකෝස් මට්ටම පාලනය කරගත නොහැකි තත්වයකට පත් වීම සිදුවේ .

දියවැඩියාව කියන රෝගී තත්වය සම්පුර්ණයෙන්ම සුව කල හැකි රෝගී තත්වයක් නෙවෙයි  .කල හැක්කේ රෝගී තත්වය පාලනය කිරීම පමණි .ඒ නිසා තරුණ වියේ සිටම නිවැරදි ජීවන රටාව කෙරෙහි අවදානය යොමු කර මෙවැනි රෝගී තත්ත්ව වලින් මිදීමට කටයුතු කල යුතුයි.

තවද මේ රෝගය වැළදෙන බහුතරයක් රෝගීන් එම රෝගය හදුනා ගන්න අවස්ථාව වන විට බොහෝ සංකුලතා වලට මුහුණ දී අවසන්ය.ඊට හේතුව වන්නේ කලක පටන්ම ඔවුන්ට නොදැනුවත්වම ඔවුන්ගේ රුධිරය තුල ග්ලුකෝස් මට්ටම සිමාව ඉක්මවා පැවතීමයි.හෘදයාබාධ ,ඇසෙහි සුද ,අඝාතය ,සුව නොවන තුවාල වැනි දේවල් බොහෝ විට ඇති වීමට අවදානමක ඇති තත්ත්ව වේ .එපමණක් නොවෙ පිලික ඇති වීමට වැඩි අවදානමක් ඇති අතර දියවැඩියාව වැළදුණු රෝගීන්ට සදාතනික් අන්ද වීම ඇති වීමටද වැඩි අවදානමක් ඇත. එනිසා මෙම රෝගී තත්වය නියමිත වෛද්‍ය පරික්ෂණයක් කිරීම මගින්  මුල අවස්ථාවේදීම හදුනා ගැනීම මගින් මෙවන් අපහසුත මග හරවා ගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.

දියවැඩියාව රෝගය අපටත් තිබේද කියා දැනගැනීමට අවශ්‍ය රෝග ලක්ෂණ ගණනාවක්ම මේ වන විට හදුනාගෙන තියෙනවා .එනම් ශරීරයේ බර අඩු වී ඇති සේ දැනීම,තොල කට වියලි අත්තිබිම ,නිතර මුත්‍ර පහවීමනැතිනම් රාත්‍රී කාලයේදී වැඩි වාර ගණනක් මුත්‍ර කිරීමට අවශ්‍ය වීම  ආහාර ගැනීමෙන්  පසු දහදිය දැමීම වැනි ලක්ෂණ තිබීම දියවැඩියා රෝගීන් බිහි වීමට දායක වන ලක්ෂණ වේ . මෙම රෝගී තත්වයෙන් මිදීමට කල හැකි හොදම දෙය තමයි නිසි පරිදි ආහාර පාලනය කර යහපත් කායික මෙන්ම මානසික සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කාලය සතුටින් ගත කිරීමයි