අද වන විට ලෝකයේ දරුණුම රෝගයක් බවට පත් වී ඇති පිලිකා රෝගය සිය ගණන් මිනිස් ජීවිත බිලි ගෙන තියෙනවා .පිලිකාවක් කියල හදුන්වන්නේ හදුනා නොගත් සෛල වර්ධනය වීම නිසා ඇති වන තත්ත්වයක් .මේ වගේ සෛල මිනිස් දේහය තුල විවිධ තැන් වල වර්ධනය වෙන්න පුළුවන් නිසා මේ වන විට පිළිකා වල ආකාර 200කට වැඩි ප්‍රමාණයක් හදුනා ගෙන තියෙනවා .පෙනහළු පිළිකා ,වකුගඩු පිළිකා ,ලේ පිළිකා වගේ ඒවා අපට අහන්න ලැබෙන ඉතා සුලබ පිළිකා ආකාර වේ.


image © from Cancer research UK


පිළිකා ප්‍රධාන වශයෙන් ඇති වන්නේ ජානමය වෙනස්වීම් නිසා බව හොයාගෙන තියෙනවා.මෙම ජානමය වෙනස්වීම් වලට හේතු බොහොමයක් තියෙනවා .දුම් පානය ,විකිරණ ,වෛරස ,පිළිකා වලට හේතු වෙන රසායනික ද්‍රව්‍ය ,තරබාරු බව සහ හෝමෝන වගේ දේවල් නිසා මේ කියන ජානමය වෙනස්කම් ඇති වෙන්න පුළුවන් .ඒ කියන්නේ මේ හේතු කෙලින්ම පිළිකා ඇති වීමට බලපානවා .
බොහොමයක් පිළිකා ආකාර සම්පුර්ණයෙන් සුව කරන්න තරම් වෛද්‍ය විද්‍යාව තවමත් දියුණු වෙලා නා .එහෙත් සමහරක් පිළිකා ආකාර මාස කිහිපයක් නැත්නම් වසර කිහිපයක් වෙනතුරු සුව කර තියාගන්න ක්‍රම හොයාගෙන තියෙනවා .