ඇසේ සුද යනු, ඇස තුල ඇති කාචයේ පවතින වලාකුළු සහිත නොපැහැදිලි ස්වභාවයයි. මෙය පෙනීමේ වෙනස්කම් ඇති කිරීමටද හේතු වේ.  වලාකුළු මෙන් අපැහැදිලි පෙනීම, දීප්තිමත් ආලෝකයට ඇති සංවේදීතාවය රෝග ලක්ෂණ අතර වේ. මේ සඳහා සැත්කම් මගින්ද ප්‍රතිකාර කරනු ලැබේ.

ඔබ වයස අවරුදු 60 ට වඩා වැඩි නම් සහ ඔබගේ පෙනීම අඳුරු වී හෝ බොඳ වී  නොපැහැදිලි නම් ඔබට මෙම රෝගී තත්වය තිබිය හැක. මෙය වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන අතර ඔබගේ අක්ෂි වෛදයවරයාට මේ සඳහා ප්‍රතිකාර කල හැක.

සමහර අවස්ථාවලදී ඇසේ සුද ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවනු ඇත. නමුත් සමහර අය සඳහා ඇස් පෙනීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වේ.

ඇසේ සුද ඉවත් කිරීම හා ප්‍රතිකාර කරන්නේ කෙසේද?  

ඔබට ඇසේ සුද ඇති දැයි සොයා ගැනීමට, ඔබේ රෝග ලක්ෂණ සියල්ල ඔබේ වෛද්‍යවරයාට පවසන්න.  වෛද්‍යවරයා අසනු ඇත්තේ, දේවල් බොඳ වී හෝ නොපැහැදිලි ලෙස පෙනේද නැතිනම් විදුලි පහන් ඔබට අපහසුද යන්නයි, විශේෂයෙන් රාත්‍රි කාලයේදී…

ඇසේ සුද ඉවත් කිරීමට ප්‍රතිකාර කළ හැකි එකම ක්‍රමය ශල්‍යකර්මයයි, නමුත් ඔබට එය වහාම අවශ්‍ය නොවනු ඇත. ඔබ මුල් අවධියේදී මේ පිළිබඳව දැනුවත් වුයේ නම් , නව බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත කණ්නාඩි කුට්ටමක් භාවිතා කිරීම අවශ්‍ය වනු ඇත. මන්ද, ශක්තිමත් කාච සහිත කණ්නාඩි භාවිතය ඔබගේ පෙනීම යම් කාලයකට ආරක්ෂා කිරීමට උපකාරී වේ

ඇසේ සුද ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

විටමින් සී (Vitamin C) සහ ඊ (Vitamin E) වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර අනුභව කිරීම ඇසේ සුද වැළැක්වීමට උපකාරී වන බව සමහර පර්යේෂණවලින් පෙන්වා දී ඇත. ඔබට දැනටමත් ඇසේ සුද ඇති නම්, මේවා තුලින්  එය වර්ධනය මන්දගාමී විය හැකිය.

විටමින් සී (Vitamin C) හොඳ ප්‍රභවයන් අතර:

  • පැඟිරි (දොඩම්, මිදි, දෙහි, ආදිය)  – Citrus (oranges, grapefruit, limes, etc.)
  • තක්කාලි සහ තක්කාලි යුෂ- Tomatoes and tomato juice
  • රතු සහ කොළ ගම්මිරිස් – Red and green peppers
  • කිවි පලතුර – Kiwifruit
  • බ්රොකොලී – Broccoli
  • ස්ට්රෝබෙරි – Strawberries
  • බ්රසල්ස් පැළ – Brussels sprouts (ගෝවා පවුලට අයත් ගෙඩි වර්ගයක්)
  • කැන්ටලූප් – Cantaloupe ( කොමඩු වර්ගයක් )
  • අර්තාපල් – Potatoes

සූරියකාන්ත තෙල්, තිරිඟු තෙල් ආදී එළවලු තෙල් වල විටමින් ඊ අඩංගු වන අතර, ඇට වර්ග, විශේෂයෙන් ආමන්ඩ්, විටමින් ඊ වල හොඳ ප්‍රභවයන් වේ. නිවිති සහ බ්රොකොලි වැනි හරිත එළවළු ද එසේමය. සමහර විට ඔබේ ප්‍රියතම උදෑසන ධාන්යයමය  ආහාරයේද – අතිරේක විටමින් ඊ අඩංගු විය හැක.

Reference – https://www.webmd.com/eye-health/cataracts/default.htm