හෙපටයිටීස් යනු, අක්මාවේ දැවිල්ලක් සමග ඇතිවන ආසාදිත තත්වයකි.

මෙහිදී, ඔබට වැළදී ඇති හෙපටයිටීස් වර්ගය හඳුනා ගැනීම විශේෂිත වේ. මන්දයත්, හෙපටයිටීස් රෝගයට හේතුවන වෛරසය ඔබේ රෝගය කෙතරම් දරුණුද සහ එය කොපමණ කාලයක් බලපායිද යන්න තීරණය කරයි.

හෙපටයිටීස් වර්ග:

හෙපටයිටීස්  A : වෛරසය ඇති ආහාරයක් අනුභව කල විට හෝ පානය කල විට මෙය වැළදේ. මෙය අවම අවදානමක් සහිත තත්වයකි. එය ඔබේ අක්මාවේ දිගුකාලීන දැවිල්ලට හේතු නොවේ. මෙය වළක්වා ගැනීම සඳහා එන්නත් ලබා ගත හැක.

හෙපටයිටීස්  B : අසනීප තත්වයේ පසුවන අයකු සමග ලිංගිකව හැසිරීමෙන් හෝ  මත්ද්‍රව්‍ය භාවිතයේදී යොදා ගන්නා ඉදිකටුව හවුලේ  භාවිතා කිරීමෙන් හෝ මවකගෙන් තම අලුත උපන් දරුවාට ප්‍රසූතියේ දී හෝ පසුව වැළදිය හැක.

හෙපටයිටීස්  C : නීති විරෝධී මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේදී  හෝ පච්ච කොටා ගැනීමේදී  අපවිත්‍ර රුධිරය සහිත ඉඳිකටු භාවිතයේදී  මෙය වැළදිය හැක.

සමහර විට ඔබට කිසිදු රෝග ලක්ෂණයක් පහල නොවිය හැකි අතර සමහර අවස්ථාවලදී හෙපටයිටිස් සී හේතුවෙන් සිරෝසිස් රෝගයට ගොදුරු වේ.

හෙපටයිටීස්  D : ඔබට  දැනටමත් හෙපටයිටිස් බී ආසාදනය වී ඇත්නම් මෙම තත්වය ඇති වේ. මන්ද,  එමඟින් එම රෝගය වඩාත් දරුණු වේ.

හෙපටයිටීස්  E : සාමාන්‍යයෙන් මෙය වැළදෙන්නේ,  වෛරසය සහිත යමක් ආහාරයට ගැනීමෙන් හෝ පානය කිරීමෙන් ය.

රෝග ලක්ෂණ:

ඔබට හෙපටයිටීස් වැළදී තිබුනත් මුලදී රෝග ලක්ෂණ හඳුනා ගැනීමට අපොහොසත් වනු ඇත. සමහරවිට ඔබට නිවැරදි රෝග විනිශ්චයකට පැමිණිය නොහැකි වේ. මන්ද, මෙය උණ රෝගය හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

පොදු රෝග ලක්ෂණ කීපයක් නම්;

  • කෑම අරුචිය
  • තෙභෙට්ටුව
  • මද උණ
  • මාංශ පේශි හෝ සන්ධි කැක්කුම
  • ඔක්කාරය හා වමනය
  • උදරයේ වේදනාවන්

තවත රෝග ලක්ෂණ කිහිපයක් වන්නේ;

  • අඳුරු පැහැති මුත්‍රා පිටවීම
  • ලා පැහැති මලපහ පිටවීම
  • සෙංගමාලය (සමේ කහ පැහැය සහ ඇස්වල සුදු පැහැය)
  • කැසීම
  • මානසික වෙනස්කම් (ව්‍යාකූල තත්වයක සිටීම) හෝ කෝමා වැනි තත්වයක් ඇතිවීම
  • අභයන්තර ලේ ගැලීම

මෙය වලක්වා ගත හැකි ක්‍රම;

  • එන්නත් ලබා ගැනීම
  • “වීදි” ආහාර ගැනීමෙන් වැළකීම
  • බෝතල් කළ ජලය පමණක් පානය කරන්න. අවම වශයෙන් මිනිත්තු 1 ක් වත් උතුරුවා ගත් ජලය පානය කරන්න.
  • අයිස් කැට සමඟ කොක්ටේල් සහ වෙනත් බීම පානය නොකරන්න.
  • කිරි නිෂ්පාදන සහ මද වශයෙන් පිසූ මස් සහ මාළු අනුභව නොකරන්න.
  • අවන්හල් වලින් සැකසූ  සලාද හෝ නැවුම් පලතුරු ඇණවුම් නොකරන්න.  (එය, පිරිසිදු ජලයෙන් සෝදා නොතිබිය හැක. )
  • බෝතල් කළ ජලය භාවිතයෙන් කොළ ආහාර සෝදන්න.
  • නිතරම ඔබේ අත් හොඳින් සෝදන්න

තවද. රෝග තත්ත්ව හදුනාගත් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

Article Reference : WebMD