ළමුන් තුළ දක්නට ලැබෙන දද සහ අසාත්මිකතා සඳහා හේතු 11 ක්;   

1. සන්ස්ක්‍රීන් සහ සමේ ඇතිවන අහිතකර උද්දීපනය

ඔබේ දරුවාට සංවේදී සමක් ඇත්නම් සන්ස්ක්‍රීන් වල අඩංගු සමහර සංයෝග මගින් ගැටළු ඇති විය හැක. පැරා ඇමයිනෝ බෙන්සොයික් අම්ලය (PABA) අමුද්‍රව්‍ය අඩංගු නොමැති සන්ස්ක්‍රීන් භාවිතා කරන්න. මාස 6 ට වැඩි ළමුන් සඳහා, SPF අගය 30 හෝ ඊට වැඩි UVA  සහ UVB කිරණ අවහිර කරන සන්ස්ක්‍රීන්  භාවිතා කරන්න. සින්ක් ඔක්සයිඩ් සහිත සන්ස්ක්‍රීන් භාවිතා කිරීම හිතකර වේ. මාස 6 ට අඩු ළදරුවන් සඳහා, ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

2. සබන් යොදා අත් සේදීම

ප්‍රතිබැක්ටීරීයා සහිත දියර සබන් සමහර අවදානම් තත්ව ඇති කරයි. ට්‍රයික්ලෝසන් සයෝගය දරුවන්ගේ සමෙහි අහිතකර උද්දීපනයක් ඇතිකිරීමට හේතු වේ. FDA රසායනිකය ද දරුවන්ගේ වර්ධනයට හා සංවර්ධනයට බලපාන බව අධ්‍යයන මගින් පෙන්වා දී ඇත. විෂබීජ පැතිරීම වලක්වා ගැනීම සඳහා දිනපතා සබන් හා ජලය භාවිතා කිරීම වඩා යෝග්‍ය වේ.

3. ලෝෂන් මගින් ඇතිවන දද

ලෝෂන් මගින් ළදරුවාගේ සම  මෘදු ලෙස තබා ගැනීමට උපකාරී වන නමුත් , මොයිස්චරයිසර්වල ළදරු සමට අහිතකර සුවඳ විලවුන් අඩංගු විය හැකිය, විශේෂයෙන් දැනටමත් දද වැළදී ඇති දරුවන් තුළ මෙය වඩා ක්‍රියාකාරී වේ. තවද, සමහර අමුද්‍රව්‍ය හෝමෝන ගැටළු ඇති කළ හැකිය. වියළි සම සඳහා, මෘදු සබන් භාවිතා කරන්න, ස්නානය කිරීමෙන් පසු සම වියළා ගන්න (ඇතිල්ලීම නොකරන්න).

4. ළදරු පිස්නා භාවිතය

පිස්නා වල ළදරු සමට අහිතකර ඇල්කොහොල් සහ සුවඳ විලවුන් ගණනාවක් අඩංගු විය හැකිය. මෙය අසාත්මිකතා සහ කුෂ්ඨ ඇති කිරීමට හේතු වේ. එම නිසා ළදරු පිස්නා වෙනුවට තෙත් රෙදි භාවිතා කරන්න.

5. රෙදි සෝදන ඩිටර්ජන්ට් භාවිතය

සමහර රෙදි සෝදන ඩිටර්ජන්ට් වල ඇති රසායනික ද්‍රව්‍ය ළදරු සමට අහිතකර වේ. මෙය  වළක්වා ගැනීමට, සුවඳ විලවුන් හා සායම් අඩංගු නොමැති මෘදු ඩිටර්ජන්ට් භාවිතා කරන්න. ඩිටර්ජන්ට් මුළුමනින් ඉවත් කිරීම සඳහා අවම වශයෙන් දෙවරක්වත් ඔබේ දරුවාගේ ඇඳුම්, ඇඳ ඇතිරිලි සහ තුවා සේදීමට වග බලා ගන්න.

6. ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතය

භාවිතයට පෙර අමුද්‍රව්‍ය ලේබලය පරීක්ෂා කරන්න. ෂැම්පූ සහ කන්ඩිෂනර්වල ඇති සමහර සුවඳ විලවුන් හා රසායනික ද්‍රව්‍ය සංවේදී හිස්කබල් වලට අහිතකර බලපෑම් ඇති කරයි.  සුවඳ විලවුන් සහ රසායනික ද්‍රව්‍ය අඩුවෙන් යොදා ඇති ස්වාභාවික නිෂ්පාදන භාවිතා කිරීමට සුපරක්ෂකාරී වන්න.

7. රෙදි මෘදුකාරක සඳහා විකල්පයන්

ඔබේ දරුවාට සංවේදී සමක් ඇත්නම්, රෙදි මෘදුකාරක දියර සහ වියළුම් ඇතිරිලි යොදා ගැනීමෙන් වලකින්න. මෙම නිෂ්පාදනවල අඩංගු ලිමනීන් සහ බෙන්සයිල් ඇසිටේට් සම, ඇස්, නාසය සහ උගුර ආශ්‍රිතව අහිතකර උද්දීපනයන් ඇති කල හැක. මේ සඳහා විකල්පයක් ලෙස, ඇඳුම් මෘදු ලෙස තබා ගැනීම සඳහා රෙදි සෝදන විට බේකින් සෝඩා කෝප්ප 1/2 ක් හෝ විනාකිරි කෝප්ප 1/2 එකතු කරන්න.

8. ගෘහස්ථ පිරිසිදු කාරක සහ සෞඛ්‍යය

ගෘහස්ථ පිරිසිදු කාරක මිලදී ගැනීමේදී අමුද්‍රව්‍ය ලේබලය කියවන්න. උදාහරණයක් ලෙස, සමහර ඩිටර්ජන්ට් සහ විෂබීජ නාශක වල අඩංගු ඇල්කයිල්ෆෙනෝල් එතොක්සිලේට් (APEs) හෝමෝන ගැටළු ඇති කරයි.ඇමෝනියා පෙනහළු වලට අහිතකර වන අතර සමෙහි පිළිස්සුම් ස්වාභාවයන් ඇති කරන අතර, ශරීර ගත වුව හොත් විෂ සහිත වේ. අඩුවෙන් රසායනික ද්‍රව්‍ය එකතු කරන ලද පිරිසිදු කාරක භාවිතා කරන්න. එසේත් නැතිනම්, ජලය සහ බේකින් සෝඩා හෝ විනාකිරි සමඟ පිරිසිදු කරන්න.

9. සබන් වල අඩංගු කල් තබා ගැනීමේ ද්‍රව්‍ය

ළදරුවන් සඳහා නිෂ්පාදිත සබන් වල සම, ඇස සහ පෙනහළු වලට අහිතකර බලපෑම් ඇති කරන ෆෝමල්ඩිහයිඩ් (ජලයේ දියවෙන වායුවක්) අඩංගු විය හැකිය. සබන් මගින් දද මෙන්ම සමෙහි දැවිල්ල ඇති කරයි. මෙය ළදරුවන් හා කුඩා දරුවන් තුළ බහුලව දක්නට ලැබේ, විශේෂයෙන් අසාත්මිකතා හෝ ඇදුම තිබේ නම්. සුවඳ විලවුන් හා රසායනික නොමැති ද්‍රව්‍ය භාවිතා කරන්න.

10. කෘමී නාශක

ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය නිර්දේශ කරන්නේ ළමයින් සඳහා 30% කට වඩා වැඩි DEET නොමැති විකර්ෂක භාවිතා කිරීමයි. මාස 2 ට අඩු ළදරුවන් සඳහා කෘමීන් විකර්ෂක හාවිතා කිරීම නිර්දේශ නොකරයි.

11. පළිබෝධනාශක

ඔබේ නිවසෙහි පොලොව, කාපට් ඇතුළු සියලු ස්ථාන ආරක්ෂිත පිරිසිදු කිරීමේ නිෂ්පාදන සමඟ පිරිසිදු කිරීමට වග බලා ගන්න.

Article Reference : WebMD