මිනිසාට වැළදෙන රෝග සැලකු විට ඒවා බෝ වන රෝග සහ බෝ නොවන රෝග විදියට වර්ග කරන්න පුළුවන් . අපි සාමාන්යෙන් දන්නා ක්ෂුද්‍ර ජීවීන් මගින් ඇති වෙන රෝග බොහෝ විට අයත් වෙන්නේ බෝ වන රෝග කියන ඛාන්ඩයට  . මේ රෝග කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන් රෝග.

ඒ අනුව බෝ නොවන රෝග කියල හදුන්වන්නේ පරම්පරාවෙන් පරාවට පැවත එන රෝග. මේ රෝග කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝග .බොහෝ වෙලාවට සම්පුර්ණ ලෙස සුව නොවන මේ රෝග කාලයක් පුරාවටම වැළදී තියෙන්න පුළුවන් .බෝ නොවන රෝගයක් වැළදුනාම කෙනෙකුගේ ජීවන මට්ටම දිගු කාලයකට අඩපන කරන්න හැකියාවක් මේ රෝග වලට තියෙනවා  .මේ නිසා මේ රෝග වලින් හැකි තරම් දුරට ආරක්ෂා වීමට වග බල ගත යුතුයි .

අද වන විට සමාජය තුල බහුලවම හදුනා ගෙන ඇති බෝ නොවන රෝග කිහිපයක්ම තියෙනවා. ඒ අතර දියවැඩියාව ,අධි රුධිර පීඩනය ,පිලිකා රෝගය ,හෘද රෝග ,අංශභාගය ,කොලෙස්ටරෝල් වගේ රෝග සුලබවම අහන්න ලැබෙනවා .බොහෝ විට මේ රෝග ඇති වෙන්න පටන් ගන්නේ සැලකිය යුතු වයසකදී බව දැක ගන්න පුළුවන් .ඒ කියන්නේ කුඩා වයස් වලදී බෝ නොවන රෝග වැළදීමට ඇති ඉඩ කඩ අඩු බවයි.කෙසේ වුනත් ඕනම කෙනෙකුට මේ බෝ නොවන රෝග වලට ගොදුරු වීමට අවදානමක් තියෙනවා .මේ අවදානම වයස්ගතවීමත් එක්ක වැඩි වන බව පෙනී යන කරුණක්.ඒ අනුව මනා සෞඛය රටාවකට හුරු වීම තුලින් මේ බෝ නොවන රෝග වැලදීමට ඇති අවදානම අඩු කර ගත හැකියි.

මේ සදහා කල යුතු වන්නේ බෝ නොවන රෝග ඇති කිරීමට හේතු වන කරුණු සාධක සොයා බලා ඒවාට පිළියම් කිරීමයි.

 සමබල ආහාර වේලක් නොගැනීම එහෙමත් නැත්නම් අහිතකර ආහාර රටාවකට හුරු වී තිබිම බෝ නොවන රෝග ඇති වීමට අවදානමක් ඇති කරන තත්වයක් ලෙස හදුනා ගෙන තියෙනවා .මේ නිසා ආහාර රටාව ගෙන සැලකිලිමත් වීම ඉතා වැදගත් .

දුම්වැටි,මද්‍යසාර,දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන , මත්ද්‍රව්‍ය භාවිතය සෞඛ්‍යයට අහිතකර බව අප සියලු දෙනා දන්නා කරුණක්.මෙය බෝ නොවන රෝග ඇති කිරීමටද විශාල දායකත්වයක් ලබාදෙන නිසා මේ තුලින් හැකිතාක් දුරට වැලකි සිටීමට කටයුතු කල යුතුයි.

තවද ව්‍යායාම් වල නිරත වීම,සිරුර වෙහෙසවා වැඩ කිරීම වැනි දේවල් කිරීම ,ඒ කියන්නේ දහඩිය දමන කාර්යයන් වල නොයෙදිම නිසා මේ රෝග වලට ඇති අවදානම වැඩි වෙන්න පුළුවන් .මේ නිසා නිසි ව්‍යායාම් රටාවකට හුරු වීම වැදගත් වෙනවා.ඒ විතරක් නොවෙයි, මානසික ආතතිය වගේ තත්ත්වයකින් පෙලීම බෝ නොවන රෝග ඇති කිරීමට මෙන්ම එම රෝග සුව වීම ප්‍රමාද වීමටද හේතු වෙනවා .මේ නිසා ඒ එවැනි තත්ත්ව ගැන නිසි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වෙනවා .

මෙවන් අවදානම් තත්ත්ව නිසි ලෙස පාලනය කිරීම තුලින් මේ රෝග වලින් ආරක්ෂා වී නිරෝගිමත් ජීවන රටාවකට පුරුදු වෙන්න පුළුවන්.