වර්තමානය වන විට මිනිසා පීඩා විඳින අක්ෂි රෝග අතුරින් ප්‍රධානතම රෝගයක් වශයෙන් ග්ලුකෝමා තත්වය පෙන්වා දිය හැක. ලොව පුර පවතින නැවතත් ප්‍රකුර්ති තත්වයට පත්කළ නොහැකි අන්ධතාවයන් අතර මූලිකම හේතුවකි ග්ලුකෝමාව. ලොව පුර මිලියන 2-4 අතර ප්‍රමාණයක් ග්ලුකෝමාව නිසා පුර්ණ අන්ධතාවට පත්ව ඇති අතර තවත් මිලියන 4 කට අධික ප්‍රමාණයක් දෙනා ග්ලුකෝමාව නිසා යම් දෘෂ්ඨි දෝෂයකින් පෙලෙන බව සංඛ්‍යා  ලේඛණ පෙන්වා දෙයි. 

ලොව පුරා ග්ලුකෝමා රෝගයෙන් පීඩා විඳින ප්‍රමාණය මෙන්ම ලංකාව තුළ ද මෙම රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ ඉහළ යාමක් දැක ගත හැකිය. මේ සඳහා මූලිකම හේතුව වී ඇත්තේ මෙම රෝගය සම්බන්ධයෙන්  පුද්ගලයා තුළ ඇති නොදැනුවත්භාවයි. ලංකාව තුළ ද මෙම රෝගී තත්වයෙන් පීඩා විඳින රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර එය  0.7%ක ප්‍රතිශතයකි. අන්ධභාවයට පත්වී ඇති රෝගීන් දෙස අවධානය යොමු කිරීමේදී ඉන් බහුතරය එම තත්වයට පත්වී ඇත්තේ මෙම ග්ලුකෝමා තත්වය හේතුවෙනි. 

ඇසෙහි කාචයට පිටතින් නිපදවන අම්මය රසය (Aqueous) නම් ශ්‍රාවය මගින් ඇසෙහි කාචයට පිටත ප්‍රදේශයේ පීඩනය නිසියාකාරව පවත්වාගෙන යනු ලබයි. ඇස තුළ ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක් මගින් ඇස තුළ වැඩිපුර නිපදවන ශ්‍රාවයන් ඉන් බැහැර කරනු ලබයි. නමුත් මෙම  ශ්‍රාවය  නිපදවීමට බාධා ඇති වීමෙන් හෝ නිපදවනු ලබන ශ්‍රාවය පිටතට බැහැර කිරීමේ ක්‍රියාවලියට බාධා ඇති වීමෙන්  ඇසෙහි පීඩනය  වැඩිවන අතර එය ග්ලුකෝමා තත්වයට මග පාදයි. සංකීර්ණ අක්ෂි රෝග කිහිපයක එකතුවක් වන ග්ලුකෝමා ඇති වීමට බලපාන මූලිකම හේතුව වශයෙන් පෙන්වා දිය හැක්කේ ඇස අභ්‍යන්තරයෙහි ඇති පීඩනය ඉහල යාමත් සමග ඇස තුළ පවත්නා ස්නායු සහ ස්නායු තන්තු වලට (දෘෂ්ඨික ස්නායුව) හානි සිදු වීමයි. මෙහිදී ඇසේ සිට මොළයට පණිවිඩ ගෙන යන දෘෂ්ටික ස්නායුවට හානි සිදුවන බැවින් ඇස හරහා ලබා ගන්නා පණිවිඩයන් මොළය දක්වා ගෙනයාම නිසියාකාරව ඉටු නොවේ. එහි අවසන් ප්‍රතිඵලය

යම්කිසි පුද්ගලයකු හට වරින් වර ඇති වන හිසරදය , වමනය , ඔක්කාරය මෙන්ම යම්කිසි දීප්තිමත් ආලෝකයක් දෙස බැලීමේදී එය වටා රශ්මි කදම්භයක් මෙන් ආලෝකය විහිදී යාමක් දැකගත හැකිනම් එය ග්ලුකෝමා තත්වයක් වියහැක. මෙවැනි රෝග ලක්ෂණ ඇතිවූ විගස සුදුසුකම් ඇති වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ලබා ගැනීම තුළින් මෙම රෝගයෙන් ඇසට වන බලපෑම අවම කර ගැනීමට හැකියාව ඇත. වන්නේ පුද්ගලයා අන්ධභාවයට පත් වීමයි.

නමුත් මෙහි භයානකම ලක්ෂනයනම් මුල් අවස්ථාවේදී පෙනීමේ කිසිදු  අපහසුතාවයක් හෝ රෝගී ලක්ෂණයක් පහල නොවීම හේතුවෙන් මුල් අවස්ථාවේදී මෙම රෝගය හඳුනා ගැනීම පහසු නොවීමයි. එමනිසා මෙම රෝගයට  ප්‍රතිකාර ගැනීම සඳහා පුද්ගලයන් යොමු වනුයේ දෘෂ්ටික ස්නායුවට හානි සිදුවී පෙනීම බොහෝදුරට නැති වූ පසුව වීම මෙහි ඇති අවාසනාවන්ත තත්වයකි. වයස අවුරුදු 40 පසුකරන විට ග්ලුකොමාව ඇතිවීමේ හැකියාව තවත් වැඩි වනවා.

පුද්ගලයන් ක්‍රමයෙන් වයසට යාමත් සමග දුර පෙනීමෙහි ගැටළු හට ගන්නා අතර  ඇසෙහි දෘෂ්ඨියේ පර්යන්ත ප්‍රදේශයවලට අධාල ස්නායු කොටස් දුර්වල වීම හේතුවෙන් කාලයක් ගතවන විට  යමක් දෙස බැලීමේදී එය  ටියුබයක් හෙවත්  නලයක් තුලින් දිස් වන ආකාරයක් පෙන්නුම් කරයි. මෙම තත්වය නොසලකා හැරීම හේතුවෙන් පූර්ණ අන්ධභාවයට පත්වීමට ඉඩ ඇත. එබැවින් ඔබගේ පෙනීමෙහි වෙනදා නොතිබූ යම්කිසි වෙනස්කමක් හෝ දෝෂයක් ඔබට දැනුනහොත් වහාම සුදුසුකම් ලද වෛද්‍යවරයකු වෙත ගොස් ඇස් පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු ය.

මෙම රෝගය සම්පූර්ණයෙන් සුවකළ නොහැකි අතර ප්‍රතිකාර නිසියාකාරව ලබා ගැනීම තුළින් රෝගය පාලනය කිරීමේ හැකියාව පමණක් ලැබී ඇත. ඇස තුළ ඇති වන පීඩනය හේතුවෙන් දිගින් දිගටම දෘෂ්ටික ස්නායුව මත ඇති කරන පීඩනය පාලනය කිරීමට මෙම ප්‍රතිකාර තුළින් හැකියාව ලැබුනද සිදු වී ඇති හානිය යථා තත්වයට පත් කිරීමට ප්‍රතිකාර තුළින් නොහැකි වීම මෙම රෝගයේ ඇති භයානක තත්වයකි.

නමුත් වර්තමානය වනවිට ලොව බොහෝ රටවල පවත්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමග වයස අවුරුදු 25 වනවිට සම්පූර්ණ අක්ෂි පරීක්ශාවක් සිදු කොට ඇසෙහි පෙනුම, පීඩනය මෙන්ම දෘෂ්ටි ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කර ඇසෙහි යම් අසාමාන්‍ය තත්වයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබයි. ලංකාව තුළ ද මෙවැනි අක්ෂි පරීක්ෂාවන් සිදු කර ගැනීමේ හැකියාව ඇති අතර ඒ තුළින් මෙම ග්ලුකෝමා තත්වය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත.  මෙය බියවිය යුතු රෝගී තත්වයක් වශයෙන් මුල් කාලීනව සලකනු ලැබුවද වර්තමානය වනවිට එය එසේ නොවේ. රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට කටයුතු කිරීම තුළින් සහ අදාල ප්‍රතිකාරයන් නිසියාකාරව ලබා ගැනීමෙන් මෙන්ම දියුණු රටවල භාවිතා කරන දෘෂ්ටි පුනරුත්ථාපන සේවාව ලබා ගැනීම මගින් රෝගියාට තම දෛනික දිවියේ චර්යාවන්ට බාධාවක් ඇති කර නොගෙන සුපුරුදු ජීවන රටාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත.

වෛද්‍ය උපදෙස් පිළිපැදීම තුළින් ග්ලුකොමා රෝගය පාලනය කිරීමට හැකියාව ඇති බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වී තමාගේ ඇසෙහි පෙනීම ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම පුද්ගලයා සතු වගකීමකි. එබැවින් නිසි දැනුවත්භාවයකින් යුතුව කටයුතු කිරීම හරහා ග්ලුකෝමා පැරදවීමට ඔබටත් හැකියාව ලැබේ. ඔබ දෑසේ පෙනීම නිශ්ශබ්දවම සොර ගන්නා ග්ලුකොමාව පරාජය කිරීමට ඔබට පහසුවෙන් පිලිපධිය හැකි මෙම සංකල්පය මතක තබා ගන්න. වයස අවුරුදු 40 වනතුරු වසර දෙකකට වරක්ද , වයස අවුරුදු 40න් පසු වසරකට වරක්ද , වෙනත් අක්ෂි රෝගාබාධ ඇතිනම් එම වෛද්‍යවරු අවවාධ කරන ආකාරයටද පුර්ණ අක්ෂි පරික්ෂාවට යොමු වීම වැදගත් වේ. ඉතිං‍ සුවති දෑසක් වෙනුවෙන් අක්ෂි පරිකශාවට නිසි කලදී යොමු වීමට මතක තබා ගමු.